ගුවන් ටිකට් මිල රු. 3,000 කින් ඉහළට

    January, 1, 2017

    ශ්‍රී ලංකාවේ තොටුපළකින් ගුවන්ගත වීමේ හෝ නැව් නැගීම වෙනුවෙන් ගෙවිය යුතු බද්ද (Airport tax) 2017 ජනවාරි 01 වන දින සිට ඇමරිකානු ඩොලර් 50 දක්වා ඉහළ දමා තිබේ. මෙය 2017 අයවැය යෝජනාවන්ට අනුව සිදුකරනු ලැබූ බදු සංශෝධනයකි.

    මේ අනුව මෙතෙක් ඇමරිකානු ඩොලර් 30 ක්ව පැවති මෙම ගුවන් තොටුපළ බද්ද, 2017 ජනවාරි 01 දින සිට ඩොලර් 50 ක් දක්වා ඉහළ නගිනු ඇත. 2016 අයවැය යෝජනා මඟින් මෙම බද්ද ඩොලර් 25 සිට ඩොලර් 30 දක්වා ඉහළ නංවන ලදී.

    මේ සම්බන්ධයෙන් ගුවන් ගමන් නියෝජිතයින් කියා සිටින්නේ ශ්‍රී ලංකාවෙන් බැහැර යාමේ දී ගුවන් ටිකට්පතක් සඳහා ගෙවිය යුතු මිල රු. 3000.00 කින් පමණ ඉහළ නගිනු ඇති බවයි.