ගුවන් තොටුපළ හෝටලය ඉදිකිරීම තිලංකා හා ස්ට්‍රයිඩර්ස් ට භාරයි

    June, 28, 2018

    කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි, ගුවන් තොටුපළ හා ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගමට අයත් ඉඩමක හෝටලයක් ඉදි කර පවත්වාගෙන යාම සඳහා වන ප්‍රසම්පාදනය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවෙහි නිර්දේශ පරිදි, තිලංකා හෝටල් පුද්ගලික සමාගම හා ස්ට්‍රයිඩර්ස් කෝපරේෂන් සාමූහිකය වෙත පිරිනැමීම පිණිස වැඩබලන ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අශෝක අබේසිංහ  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.