ගෝල්ඩන් කී පුවතින් පසු සෙලින්කෝ ඉන්ෂුවරන්ස් කුට්ටියක් විකිණේ

    May, 14, 2015

    බංකොලොත්වූ ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ තැන්පතුකරුවන්ගේ මුදල් මහ බැංකුව විසින් ආපසු ගෙවන බව ඊයේ මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කිරීමෙන් පසුව අද සෙලින්කෝ රක්ෂණ සමාගමේ කොටස් මිලියන 2.1 ක් කොළඹ කොටස් වෙළඳ පොළ හරහා අලෙවි වී තිබේ.

    මෙහිදී, කොටසක් රුපියල් 1602 කට අලෙවි වී තිබෙන අතර මෙහි අලෙවි වටිනාකම රුපියල් බිලියන 3.5 කට අධික වේ.

    SMB Securities සමාගම හරහා සිදුවූ මෙම ගනුදෙනුව හමුවේ කොළඹ කොටස් වෙළඳ පොළේ අද පිරිවැටුම (Turnover) රුපියල් බිලියන 5.2 ක් වී තිබේ.