චීනය ඉන්දියානුවන් හරහා ශ්‍රී ලංකාවට Xiaomi රැගෙන එයි

    November, 30, 2018

    ලෝකයේ සිව්වැනියට විශාලතම ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමය ලෙසින් සැලකෙන Xiaomi, ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට නිල වශයෙන් අවතීර්ණ වීම ඊයේ (29) සිදුවිය. මිලියන 100 කට අධික ස්මාර්ට් ජංගම උපකරණ සම්බන්ධ කරමින් ලෝකයේ විශාලතම පාරිභෝගික IoT වේදිකාව නිර්මාණය කර ඇත. Xiaomi නිෂ්පාදන මේ වනවිට ලෝකයේ රටවල් සහ කළාප 70 කට වැඩි ප්‍රමාණයක අලෙවි කරන අතර එම වෙළඳපොළවල ප්‍රමුඛස්ථානයක් හිමිකර ගැනීමට සමත්ව තිබේ.

    Xiaomi හි ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු පූර්ණ වශයෙන් Xiaomi India සමාගමේ මෙහෙයවීම මත සිදුවන අතර එහි ඉන්දියානු උප මහද්වීපයේ, විදේශීය පුළුල් කිරීමේ කටයුතු පිළිබඳ ප්‍රධානී, සන්කෙට් අගර්වාල් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාට එක්වී සිටියහ.

    මෙහිදී, සමාගම විසින් සිය පළමු සිව්-කැමරා ස්මාර්ට් ජංගම දුරකතනය වන Redmi Note 6 Pro මෙරට වෙළඳපොළට හඳුන්වා දෙමින් සඳහන් කළේ මෙරට ජංගම දුරකතන වෙළඳපොළේ වැඩියෙන්ම අලෙවි වන POCOPHONE F1, Mi A2, Mi A2 Lite, Redmi S2, Redmi 6 සහ Redmi 6A දුරකතනද මෙරට වෙළඳපොළට නිළ වශයෙන් හඳුන්වා දෙන බවයි.

    ස්මාර්ට් ජංගම දුරකතනවල සාමාන්‍ය ස්වභාවය විදහා දක්වමින් සමාගම විසින් හඳුන්වා දුන් Redmi Note 6 Pro ස්මාර්ට් ජංගම දුරකතනයේ බැටරියද ආරෝපණය කිරීමෙන් පසුව දින දෙකක කාලයක් භාවිතා කළ හැකිබව සමාගම සඳහන් කරයි. එසේම, මෙම ස්මාර්ට් ජංගම දුරකතනය මගින් මෙම ජංගම දුරකතන කාණ්ඩයට පළමු වරට සිව්-කැමරා අත්දැකීම එක්කර තිබීම කැපී පෙනේ. එසේම, POCOPHONE F1 ස්මාර්ට් ජංගම දුරකතනය ප්‍රමුඛතම Qualcomm® Snapdragon™ 845   තාක්ෂණයෙන් සමන්විත වන අතර කර්මාන්තයේ අංක එකේ පිළිගැනීමට ලක්වී තිබෙන LiquidCool තාක්ෂණයෙන් සහ දිගු කාලයක් පවතින 4000mAh බැටරියකින්ද මෙම දුරකතනය සවිබල ගන්වා ඇත.

    මෙහිදී අදහස් දක්වමින් Xiaomi India සමාගමේ ඉන්දියානු උප මහද්වීපයේ, විදේශීය පුළුල් කිරීමේ කටයුතු පිළිබඳ ප්‍රධානී, සන්කෙට් අගර්වාල් මහතා මෙසේ අදහස් දැක්වීය. Xiaomi ලෙස අපි සෑම අවස්ථාවකදීම උත්සාහ කරන්නේ අපගේ සීමා මායිම් පුළුල් කරමින් ඉතාමත් සාධාරණ මිලකට ඉහළ නවෝත්පාදනයක් සහිත භාණ්ඩයක් අපගේ පාරිභෝගිකයින් වෙත ලබාදීම සඳහායි. අපගේ අවංක දර්ශනය ස්ථාපිත වී තිබෙන වෙළඳපොළක් වෙත මෙම නව ස්මාර්ට් ජංගම දුරකතන මාලාව හඳුන්වාදීමට හැකිවීම පිළිබඳව අපි ආඩම්බර වෙනවා. ශ්‍රී ලංකාවේ සිටින මිලියන ගණනක් වන Mi රසිකයින් වෙනුවෙන් Xiaomi නිළ වශයෙන් හඳුන්වාදීමට හැකිවීම පිළිබඳව අපි මෙහිදී උද්දාමයට පත් වෙනවා. පසුගිය වසර කිහිපය තුළදී ශ්‍රී ලංකාවේ ස්මාර්ට් ජංගම දුරකතන වෙළඳපොළ දැවැන්ත වර්ධනයක් ලබාගත් අතර මෙම වෙළඳපොළට අපගේ දායකත්වය ලබාදීම සඳහා අපි සැදී පැහැදී සිටිනවා. මෙරට සිටින මිලියන ගණනක් වූ  Mi රසිකයින්ගේ ආදරය සමගින් ශ්‍රී ලංකාවේ වෙළඳපොළ තුළ සුන්දර  Xiaomi කතාවක් නිර්මාණය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.“  

    ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය. “ශ්‍රී ලංකාවේ වෙළඳපොළට නිළ වශයෙන් ඇතුළත් වීමත් සමග මෙරට සිටින Mi රසිකයින් වෙනුවෙන් අපගේ සියළු නවතම නිෂ්පාදන සාධාරණ මිලකට හඳුන්වා දීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙරට වෙළඳපොළට විශිෂ්ට සේවාවක් ලබාදීමට අපි පොරොන්දු වන අතරම දේශීයව ශක්තිමත් කණ්ඩායමක් ගොඩනැගීමටත් අප කටයුතු කරනවා.“

    Redmi Note 6 Pro - සිව් කැමරා, දින දෙකේ බැටරිය

    Redmi Note 6 Pro ස්මාර්ට් ජංගම දුරකතනය අති නවීන සිහින් හැඩතල වලින් නිර්මාණය කර තිබෙන අතර Qualcomm® Snapdragon™ 636 ඔක්ටා-කෝ ප්‍රොසෙසරයකින් සවිබල ගන්වා තිබේ.  එසේම, මෙම ජංගම දුරකතනය සිව්-කැමරා පහසුකම් වලින් සමන්විත වන අතර දුරකතනයේ 4000mAh බැටරිය ආරෝපණය කිරීමෙන් පසුව දින දෙකක කාලයක් භාවිතා කළ හැකිය. මීට අමතරව, මෙම ස්මාර්ට් ජංගම දුරකතනය් ඉතාමත් වේගවත් LPDDR4X RAM සමග Qualcomm® Quick Charge™ 3.0. පහසුකම තිබේ.

    Redmi Note 6 Pro ස්මාර්ට් ජංගම දුරකතනයේ ඉදිරිපස තිබෙන 20MP + 2MP ද්විත්ව කැමරා මගින් කිසිදු ගැටලුවකින් තොරව සේයාරූ ලබාගැනීමේ හැකියාව ලබාදී තිබෙන්නේ සජීවී සේයාරූ නැරඹීමේ අවස්ථාවද ලබාදෙමිනි. මෙම දුරකතනයේ පිටුපස තිබෙන 12MP + 5MP ද්විත්ව කැමරා මගින් අඳුරු ආලෝක තත්ත්වයක් යටතේ වුවද ඉතාමත් පැහැදිලිව 1.4µm පික්සෙල් ධාරිතාවයකින් යුතු සේයාරූ ලබාගත හැකිබව සමාගම සඳහන් කරයි. මෙම දුරකතනයේ ඉදිරිපස සහ පිටුපස කැමරාව සඳහා Xiaomi නව AI Portrait Mode 2.0 මගින් සහයෝගය ලබාදී තිබේ. මේ අනුව, සඳහන් කළ හැක්කේ Redmi Note 6 Pro යනු සත්‍ය වශයෙන්ම සිව්-කැමරා විප්ලවයක් බවයි. එසේම, මෙම දුරකතනයේ තිබෙන නව සහ වැඩිදියුණු කර තිබෙන AI Portrait Mode 2.0 මගින් ඔබගේ සේයාරූ වලට Light trails සහ incredible Studio Lighting ඉෆෙක්ට් ඇතුළු ඉතාමත් සජීවී ඉෆෙක්ට් එක්කරමින් සේයාරූ වඩාත් දැකුම්කළු කර ගැනීමේ හැකියාව තිබේ.

    එසේම, Redmi Note 6 Pro ස්මාර්ට් ජංගම දුරකතනය  6.26” FHD+ IPS ඩිස්ප්ලේ එකකින් සමන්විත වන අතර Corning® Gorilla® Glass to protect එකකික් වඩාත් සවිබල ගැන්වී තිබෙන මෙහි ඇස්පෙක්ට් රේෂියෝව 19:9 වේ. මීට අමතරව, මෙම දුරකතනයේ  500-nit උපරිම බ්‍රයිට්නස් ප්‍රමාණයක් සහ 1500:1 කන්ට්‍රාස්ට් රේෂියෝවක් තිබෙන නිසා ඉතාමත් පැහැදිලි වීඩියෝ රූප රාමු ලබාගැනීමට සහ නැරඹීමට මෙමගින් අවස්ථාව උදාවේ.

    මෙම දුරකතනයේ තිබෙන පහසුකම් අතරට 2+1 hybrid slot පහසුකමද ඇතුළත් වන අතර එමගින් ඉතාමත් පහසුවෙන් මතකය පුළුල් කරගැනීමට අවස්ථාව ලබාදී තිබේ.

    එසේම, Redmi Note 6 Pro ස්මාර්ට් ජංගම දුරකතනය MIUI 10 සම්ප්‍රදායික රාමුවෙන් මිදුණු Android Oreo පහසුකමකින් සමන්විත වේ. මේ අනුව, MIUI 10 මගින්  බහුවිධ උපරිම සේවාවක් ලබාදීමේ ගුණාංගය මගින් දිගු බැටරි ආයු කාලයක් පවත්වාගෙන යාමේ හැකියාව මෙන්ම Wi-Fi passthrough සහ දුරකතනයේ ස්ක්‍රීන් එක උපරිම කාර්යක්ෂමතාවයෙන් යොදා ගනිමින් ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් යුතු නව  menu පහසුකමක් ලබාදී තිබේ.

    Redmi Note 6 Pro ස්මාර්ට් ජංගම දුරකතනය කළු සහ නිල් වර්ණයන්ගෙන් යුක්තව 3GB + 32GB සහ 4GB + 64GB යන මාදිලි වලින් වෙළඳපොළට නිකුත් කර තිබෙන බව සමාගම සඳහන් කරයි.

     

    POCOPHONE F1, වේගවත් ශූරයෙකි

    POCOPHONE F1 යනු කාර්ය බහුලව ස්මාර්ට් ජංගම දුරකතන භාවිතා කරන්නන්ගේ සිහින සැබෑවීමක් ලෙසින් සඳහන් කළ හැකි අතර ඉතාමත් පැහැදිලිව වීඩියෝ ක්‍රීඩා කිරීමේ අවස්ථාවත් දුරකතන මන්දගාමී වීමෙන් සහ රත්වීමෙන් තොරව ඉතාමත් සංකීර්ණ අයදුම් මෙම දුරකතනය තුළින් භාවිතා කිරීමේ අවස්ථාවත් ලබාදී ඇත. මෙම වාසිය හිමිවී තිබෙන්නේ මෙම දුරකතනය සඳහා යොදාගෙන තිබෙන ඉතාමත් ශක්තිමත්  Qualcomm® Snapdragon™ 845 SoC සහ ඉතාමත් කාර්යක්ෂම LiquidCool Technology කූලින්ග් පද්ධතිය නිසයි. අභ්‍යන්තර පරීක්ෂණ මගින් හෙළිවී තිබෙන්නේ මෙම පද්ධතිය සාම්ප්‍රදායික දියරමය නොවන කූලින්ග් විසඳුම් වලට වඩා 300% ක් කාර්යක්ෂමතාවයෙන් වැඩි බවයි.

    මීට අමතරව, POCOPHONE F1 ස්මාර්ට් ජංගම දුරකතනයේ 4000mAh බැටරිය ආරෝපණයෙන් පසුව පැය 08 ක් නොනවත්වා භාවිතා කිරීමට හැකිය.

    ඉහළ ඡායාරුපකරණයක් වෙනුවෙන් AI ද්විත්ව කැමරා සහ 20MP ඉදිරිපස කැමරා පහසුකම්

    POCOPHONE F1 දුරකතනයේ තිබෙන 12MP Sony IMX363 ප්‍රයිමරි සෙන්සර් පහසුකම සහ Dual Pixel Autofocus පහසුකම සහිත AI ද්විත්ව කැමරා පහසුකම මගින් ඉතාමත් පැහැදිලි දර්ශනීය සේයාරූ ආලෝකය අඩු පරිසර තත්ත්වයකදී වුවද ලබාගැනීමේ අවස්ථාව හිමිවේ.

    මෙම දුරකතනයේ ඉදිරිපස 20MP සෙන්සරයක් සහිත සුපිරි පික්සෙල් තාක්ෂණය ස්ථාපිත කර තිබෙන අතර මෙමගින් පික්සෙල් හතරක් එක් විශාල 1.8µm පික්සලයක් බවට පරිවර්තනය කරමින් අඩු ශබ්දයෙන් යුතුව ඉතාමත් පැහැදිලි සේයාරූ ලබාගැනීම සඳහා අවස්ථාව ලබාදී ඇත. එසේම, මෙම දුරකතනයේ ඉදිරිපස සහ පසුපස කැමරා AI Portrait, AI Beautify සහ AI Scene Detection යන පහසුකම් වලින් සමන්විත වේ.

    POCOPHONE F1 ස්මාර්ට් ජංගම දුරකතනය ඉදිරිපස  infrared illuminator සහ infrared camera පහසුකම් වලින් සමන්විත වන නිසා  අඳුරු තත්ත්වයකදී මෙන්ම දීප්තිමත්ව ආලෝකය තිබෙන තත්ත්වයකදී වුවද ඉතාමත් ආරක්ෂාකාරීව AI face unlock පහසුකම භාවිතා කරමින් දුරකතනය විවෘත කිරීමේ හැකියාව ලබාදී තිබේ.

     

    මිල සහ ලබාගැනීම

    Redmi Note 6 Pro ස්මාර්ට් ජංගම දුරකතනය 3GB + 32GB සහ 4GB + 64GB මාදිලි වලින් කළු සහ නිල් වර්ණයන්ගෙන් මිලදී ගැනීමේ අවස්ථාව මෙරට පාරිභෝගිකයින්ට තිබේ. මෙහිදී, 3GB + 32GB මාදිලිය රුපියල් 35,999 ක් වන අතර 4GB + 64GB මාදිලිය අලෙවි කරන්නේ රුපියල් 39,999 කටයි.

    POCOPHONE F1 ස්මාර්ට් ජංගම දුරකතනය 6GB + 64GB මාදිලිය වෙළඳ පොළට හඳුන්වා දී තිබෙන අතර එය  ග්‍රැෆයිට් බ්ලැක් සහ ස්ටීල් බ්ලූ යන වර්ණයන්ගෙන් යුක්ත වන අතර එහි මිල රුපියල් 59,999 කි.

    Mi A2 ජංගම දුරකතනය 4GB + 64GB ධාරිතාවයෙන් යුක්ත වන අතර රුපියල් 45,999 ක  මිලකට කළු, රන් සහ නිල් වර්ණ වලින් වෙළඳ පොළට ඉදිරිපත් කර තිබේ. මෙම වර්ණ වලින්ම යුක්ත 3GB+32GB ධාරිතාවයක් සහිත Mi A2 Lite දුරකතනය රුපියල් 30,999 ක මිලකටත් 4GB+64GB ධාරිතාවයෙන් යුක්ත දුරකතනය රුපියල් 35,999 ක මිලකටත් සමාගම වෙළඳපොළට ඉදිරිපත් කර ඇත.

    3GB + 32GB ධාරිතාවයෙන් යුක්ත Redmi 6 දුරකතනය රන්, කළු සහ නිල් පැහැයෙන් යුතුව වෙළඳපොළට ඉදිරිපත් කර තිබෙන අතර එහි මිල රුපියල් 24,999 කි. Redmi 6A දුරකතනය 2GB + 16GB ධාරිතාවයෙන් යුක්ත වන අතර රන්, කළු සහ නිල් වර්ණ වලින් ඉදිරිපත් කර තිබෙන මෙම දුරකතනයේ මිල රුපියල් 17,999 ක් බව සමාගම සඳහන් කරයි.

    Redmi S2 දුරකතනය කළු, රන් සහ නිල් පැහැයෙන් යුක්තව වෙළඳපොළට ඉදිරිපත් කර තිබෙන අතර 3GB + 32GB ධාරිතාවයෙන් යුතු දුරකතනය රුපියල් 28,999 ක්ද 4GB + 64GB ධාරිතාවයෙන් යුතු දුරකතනය රුපියල් 34,999 ක්ද වේ.

    මෙම නිෂ්පාදන හතරම 2018 දෙසැම්බර් 03 වනදා සිට දිවයින පුරා අලෙවි සැල් වලින් මිලදීගත හැකිය.