July, 22, 2020
ටයර් නිෂ්පාදනයෙහි නිරත චීන සමාගමකට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරාධනය කර ඇති බවත්, එම සමාගමේ රබර් අවශ්‍යතාවයෙන් සියයට 35 ක ප්‍රමාණයක් අනිවාර්යයෙන් ශ්‍රී ලංකාව තුළින් සපුරා ගත යුතු බවට නියම කර ඇති බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඊයේ (21) මහනුවර පැවති මැතිවරණ ප්රචාරක රැළියක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ ඒ අනුව මෙරට රබර් මිල ඉදිරියේ දී අනිවාර්යයෙන්ම ඉහළ යනු ඇති බවයි.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා,
“පහුගිය ආණ්ඩුව කාලේ රබර් මිල පහත වැටුණා. රබර් ගලවලා දැම්මා.“
“දැන් අපි, ටයර් හදන චීන සමාගමක් එන්න ලැහැස්ති වෙලා ඉන්නවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඔවුන්ට ආරාධනා කළා එන්න කියලා.“
“ඒ ටයර් කම්හලේ සියයට 35 ක රබර්, ලංකාවෙන් ගන්න ඕනේ කියන නියමය අපි කරලා තියෙනවා.“
“ඒ එක්කම රබර් මිල අනාගතයේ දී අනිවාර්යයෙන්ම වැඩිවෙනවා කියන එක මම තමුන්නාන්සේලාට මතක් කරන්න ඕනේ.“
“ඒ වගේම සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න අවශ්‍ය වැඩපිළිවෙල අපි දියත් කරනවා“
Video Story