චීන නිෂ්පාදනය පසුබාද්දී ඛනිජ තෙල් මිල පහළට

    March, 24, 2014

    ලෝකයේ දෙවැනි ආර්ථික බලවතා ලෙසින් වැජඹෙන චීනයේ නිෂ්පාදන කටයුතු මාර්තු මාසයේදී පසුබෑම හමුවේ ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල් මිල ගණන් අඩුවී තිබේ.

    මේ අනුව, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ  ආසියානු වෙළඳ පොළේ සඳුදා දිනයේදී බොරතෙල් මිල ඩොලර් ශත 19 කින් පමණ පහළ වැටුණු බවයි. මෙම පහළ වැටීමෙන් පසුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 106.74 ක්වී තිබෙන බව සඳහන්ය.

    චීනයේ කර්මාන්ත ශාලාවල නිෂ්පාදන කටයුතු පසුබා තිබෙන බව HSBC සඳහන් කර තිබුණු අතර මේ නිසා චීනය විසින් ඛනිජ තෙල් සඳහා කරන ඉල්ලුම අඩුවනු ඇතැයි අපේක්ෂා කරයි.