චීන – ශ්‍රී ලංකා ඒකාබද්ධ ජෛව තාක්ෂණ විද්‍යාගාරයක් මාලබේ ට

    February, 24, 2020

    අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර ලබා දී ඇති අනුමැතිය පරිදි, කාර්මික තාක්ෂණ ආයතනය (ITI) සහ චීනයේ යුනාන් ග්‍රාමීය විද්‍යා හා තාක්ෂණ සේවා මධ්‍යස්ථානය අතර සහයෝගිතාවයෙන් කාර්මික තාක්ෂණ ආයතනයේ මාලබේ පිහිටි නවීන පර්යේෂණ හා සංවර්ධන සංකීර්ණයෙහි ඒකාබද්ධ ජෛව තාක්ෂණ විද්‍යාගාරයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹ ඇත.
    එකී තාක්ෂණ විද්‍යාගාරය ස්ථාපිත කිරීම සඳහා මාලබේ පිහිටි නවීන පර්යේෂණ හා සංවර්ධන සංකීරණයේ බිම් මහලෙහි ඉදිකිරීම් කටයුතු නිම කළ යුතුව ඇත. එම කටයුතු රාජ්‍යයන් දෙක විසින් වියදම් බෙදා ගැනීමේ පදනමින් සිදු කිරීමට යෝජනා වී ඇත.
    ඒ අනුව, යෝජිත ජෛව තාක්ෂණ විද්‍යාගාරයේ බිම් මහලෙහි නිමැවුම් සහ සේවා කටයුතු සඳහා වන ප්‍රසම්පාදනය දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි M/s Prosperus Industrial Company (Pvt.) Ltd. වෙත පිරිනැමීමටත්, ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර ගිවිසුමක් අත්සන් තැබීමටත් උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.