ඡන්ද ප්‍රතිඵලෙන් පසු දෙවන දිනටත් කොළඹ කොටස් බසී

    February, 14, 2018

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද දින ගනුදෙනු අවසානයේ දී ඒකක 6,532.26 ක් ලෙසින් වාර්තා වූ අතර මෙය පෙර දිනයට සාපේක්ෂව ඒකක 10.73 ක වර්ධනයකි. මීට පෙර ගනුදෙනු දිනය වූ පෙබරවාරි 12 වන දින ඒකක 29.30 කින් සියලු කොටස් මිල දර්ශකය පහළ ගියේය.

    මේ අතර S&P SL20 දර්ශකය ද අද දිනය තුළ ඒකක 16.17 කින්පහළ ගොස් ඒකක 3,698.80 ක් ලෙසින් සටහන් විය.

    දිනය තුළ රුපියල් මිලියන 654.71 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වුණු අතර රුපියල් මිලියන 359.64 ක දේශීය මිල දී ගැනීම් හා රුපියල් මිලියන 295.06 ක විදේශීය මිල දී ගැනීම් ඒ අතර විය. මේ අතර රුපියල් මිලියන 456.83 ක දේශීය විකුණුම් හා රුපියල් මිලියන 197.88 ක විදේශීය විකුණුම්වලින් අද දින වාර්තා විණි.

    අද දින මිල ඉහළ ගිය සමාගම් අතුරින් සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ කොටස් මිල රු. 20.00 සිට රු. 22.50 දක්වා 12.50% ක දැවැන්ත වර්ධනයක් වාර්තා කළ අතර රුපියල් මිලියන 221.58 ක පිරිවැටුමක් සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් කොටස් ගනුදෙනුවලින් පමණක් වාර්තා විය.

    මේ අතර සොෆ්ට්ලොජික් කැපිටල් සමාගමේ කොටස් මිල රු. 4.50 සිට රු. 5.40 දක්වා 20% කින් ද, සොෆ්ට්ලොජික් ලයිෆ් කොටස් මිල රු. 21.60 සිටරු. 23.40 දක්වා 8.33% කින් ද දිනය තුළ ඉහළ යන ලදී.