April, 13, 2020
කොරෝනා ව්‍යසනය හෙවත් (covid-19) මගින් බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයින් සඳහා සහන සැලසීම සඳහා අවශ්‍ය නම්‍යශීලීත්වය බලපත්‍රලාභී මුදල් සමාගම් සහ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් ඇතුළත් බැංකු නො වන මූල්‍ය ආයතන ක්ෂේත්‍රයට ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් සුවිශේෂී නියාමන ක්‍රියාමාර්ග රැසක් හඳුන්වා දීමට තීරණය කර ඇත. ඒ යටතේ, ප්‍රාග්ධන වර්ධන අවශ්‍යතාව සහ අවම ද්‍රවශීල වත්කම් පවත්වා ගැනීම ඇතුළු නියාමන අවශ්‍යතා නම්‍යශීලී කිරීම සහ බලපත්‍රලාභී මුදල් සමාගම් සඳහා ද්‍රවශීලතා ආධාර සැපයීම යන ක්‍රියාමාර්ග අඩංගු වේ.
ඒ අනුව, covid-19 මගින් බලපෑමට පත් ව්‍යාපාර සහ පුද්ගලයින් හට සහන සැලසීමේ අරමුණින් පහත සඳහන් සුවිශේෂී ක්‍රියාමාර්ග කඩිනමින් හඳුන්වා දීමට මුදල් මණ්ඩලය තීරණය කර ඇත.
තව ද, ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ පිළි ගත හැකි ඇපයක් සහිත බලපත්‍රලාභී මුදල් සමාගම්වල හදිසි ද්‍රවශීලතා අවශ්‍යතා සපුරාලීම සඳහා ද්‍රවශීලතා ආධාර ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලදී.
තව ද, covid-19 ව්‍යසනය මගින් බලපෑමට ලක්වූ පුද්ගලයින් හට සහන සැලසීම සහ ව්‍යාපාර උන්නතිය සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට ද, ඔවුන්ගේ මෙහෙයුම් වියදම් අවම කර ගැනීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද, සියලු ම බැංකු නො වන මූල්‍ය ආයතන වෙත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් උපදෙස් ලබා දෙන ලදී.
මූල්‍ය අංශයේ ස්ථාවරතාව ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය අමතර ක්‍රියාමාර්ග ගැනීම සහ මූල්‍ය ආයතනවල මෙහෙයුම් කටයුතු සමීප ව අධීක්ෂණය කිරීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන අතර, එම කටයුතු සඳහා අවශ්‍ය සහය ලබා දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Video Story