ජනපති සමඟ ගිය නියෝජිත පිරිස ගැන හර්ෂ ප්‍රශ්න කරයි

    January, 18, 2019

    විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් රජයේ නියෝජිත කණ්ඩායමක් ලෙසින් ජනාධිපතිවරයා සමඟ විදෙස් සංචාරයක නිරත වන්නේ කෙසේදැයි, ආර්ථික ප්‍රතිසංස්කරණ හා පොදු සැපයුම් පිළිබඳ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රශ්න කර සිටී.

    සිය ට්විටර් පිටුවෙහි සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව විමසා ඇත.

     

    පිලිපීනයේ සිව්දින රාජ්‍ය සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ගිය නියෝජිත කණ්ඩායමට රජය නියෝජනය කරන අමාත්‍යවරයෙකු ලෙසින් එක්වූයේ තිලක් මාරපන මහතා පමණි. ඊට අමතරව ඩිලාන් පෙරේරා, නිශාන්ත මුතුහෙට්ටිගම ඇතුළු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් මීට එක්ව සිටියහ.