ජනවාරියේ ආ සංචාරකයින්ගෙන් ඩොලර් මිලියන 161 ක්

    February, 13, 2023

    2023 ජනවාරි මාසයේ දී සංචාරක ඉපැයීම් එක්සත් ජනපද ඩොලර් මිලියන 161.8 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

    මෙය 2022 ජනවාරි මාසයේ සංචාරක ඉපැයීම් අගය වූ ඩොලර් මිලියන 151.7 හා සැසඳීමේ දී 6.7% ක වර්ධනයක් වේ.

    2023 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි සමස්ත විදෙස් සංචාරකයින් ප්‍රමාණය 102,545 ක් වන අතර එය 2022 ජනවාරි මාසයේ අගය වූ 82,327 හා සැසඳීමේ දී 24.6% ක ඉහළ යාමකි.

    කෙසේවෙතත් මෙහිදී සංචාරක පැමිණීම් ඉහළ යාමේ වේගයට වඩා අඩු වේගයකින් සංචාරක ඉපැයීම් වර්ධනය වී තිබීම විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කරුණක් වේ.