ජනවාරි උද්ධමනය පහළට

    February, 22, 2018

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මි ලදර්ශකයෙහි විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2017 දෙසැම්බර් මාසයේ පැවති සියයට 7.3 ට සාපේක්ෂව 2018 ජනවාරි මාසයේ දී සියයට 5.4 ක් දක්වා පහළ ගියේය. මේ සඳහා 2017 ජනවාරි මාසයේ දී පැවති ඉහළ පදනම් අගය මෙන්ම 2018 ජනවාරි මාසයේ දී ආහාර මිල ගණන්නල සිදු වූ මාසික පහළ යෑම ද හේතු විය.

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි. දර්ශකයෙහි වෙනස 2017 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 7.7 හි සිට 2018 ජනවාරි මාසයේ දී සියයට 7.6 ක් දක්වා පහළ ගියේය.

    මාසික වෙනස්වීම සැලකූ විට, ජා.පා.මි. දර්ශකය 2017 දෙසැම්බර් මාසයේ වාර්තා වූ දර්ශක අංක 126.6 හි සිට 2018 ජනවාරි මාසයේ දී දර්ශක අංක 125.8 දක්වා පහළ ගියේය.

    ආහාර කාණ්ඩයට අයත් අයිතමයන් හි මිල ගණන් පහළ යෑම, විශේෂයනේ එළවළු. අමු මිරිස්, පොල්, එරතු ළූණු සහ සහල් මිල ගණන් පහළ යෑම, මෙම මාසික පහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතුවිය. කෙසේ නමුත්, මාළු සහ ඇතැම් පලතුරු මිල ගණන් ඉහළ ගියේය. මේ අතර, ආහාර නොවන කාණ්ඩය තුල ආපනශාලා සහ හෝටල් සහ ප්‍රවාහන උපකාණ්ඩයන් හි මිල ඉහළ යෑම් දක්නට ලැබුණි.

    ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරූපණය කරන ජා.පා.මි. දර්ශකයෙහි මූලික උද්ධමනය, 2017 සැප්තැම්බර් මාසයේ සිට පෙන්නුම් කළ ආකාරයට තවදුරටත් පහළ යෑමේ නැඹුරුවක් අනුගමනය කළේය.

    ඒ අනුව ජා.පා.මි. දර්ශකයෙහි මූළික උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2017 දෙසැම්බර් මාසයේ දී පැවති සියයට 2.7 හි සිට 2018 ජනවාරි මාසයේ දී සියයට 2.1 දක්වා පහළ ගියේය.

    වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2017 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 4.9 හි සිට 2018 ජනවාරි මාසයේ දී සියයට 4.5 දක්වා පහළ ගියේය.