December, 2, 2019
2019 නොවැම්බර් 27 දින වන විට රජයේ සුරැකුම්පත්වල සිදුකර ඇති විදෙස් ආයෝජන වටිනාකම රුපියල් මිලියන 120,807 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් වේ.
2019 නොවැම්බර් 20 දින වන විට මෙම වටිනාකම පැවතියේ රුපියල් මිලියන 116,528 ක් වශයෙනි.
මේ අනුව 2019 පසුගිය ජනාධිපතිවරණය අවසන් වී පළමු සතිය තුළ දීම මෙලෙස රජයේ සුරැකුම්පත් හි විදෙස් ආයෝජන ප්රමාණය රුපියල් මිලියන 4,279 කින් ඉහළ ගොස් තිබේ.
කෙසේ වෙතත් ශ්රී ලංකා මහ බැංකුව පවසන්නේ රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ වෙත මෑත සතිවලදී විදේශ ලැබීම් වාර්තා වුවද, වසරේ මේ දක්වා කාලය තුළ දී සමුච්ඡිත ලෙස ශුද්ධ විදේශ ගලා යෑම් වාර්තා වී ඇති බවයි.
මේ අතර 2019 ජනවාරි 18 වනදා සිට බලපැවැත්වෙන පරිදි ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කරවල විදේශ ආයෝජන සීමාව, පවත්නා මුළු භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ප්රමාණයෙන් සියයට 10 සිට සියයට 5 දක්වා අඩු කිරීමට තීරණය කරනු ලැබීය.

Video Story