September, 23, 2019
Cinnamon Future of Tourism Summit 2019 සමුළුව අද (23) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විණි.
මෙහි සුවිශේෂී අවස්ථාවක් වූයේ CNN ජාත්‍යන්තර වාර්තාකරු රිචඩ් ක්වේස්ට් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති සංවාදාත්මක සැසියයි.
මෙම අවස්ථාව ආරම්භයේ දී පළමුවෙන්ම CNN ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රිචඩ් ක්වේස්ට් විසින් සුවිශේෂී පැනයක් අග්‍රමාත්‍යවරයා වෙත යොමු කළේය.
මේ එම සංවාදයේ මුල් මිනිත්තු කිහිපයේ සිංහල අනුවාදනයකි
රිචඩ් ක්වේස්ට් - ඔබ මේ අවස්ථාවට එක්වීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ - ඔබව යළිත් හමුවීම සතුටක් රිචඩ්.
රිචඩ් ක්වේස්ට් - විවිධ කරුණු කාරණා ගැන අපට අවධානය යොමුකරන්න තිබෙනවා. මම අලි ගැන කතා කරනවා. අලියෙක් දැන් මෙතැන සිටිනවා. ඔබ දන්නේ නැහැ මම මොනවාද අසන්න යන්නේ කියා (සභාවට අත දිගු කරමින්).
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ - ඉතා ඉක්මනින්
රිචඩ් ක්වේස්ට් - ස්තුතියි. ඒ කියන්නේ දැන් ඒක ගැන මුකුත් මට කියන්නේ නැද්ද?
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ - නැහැ. ඒක රහසක්.
Video Story