ජපානයේ කෝබේ වරාය හා කොළඹ වරාය අතර අන්‍යෝන්‍ය ගිවිසුම් ප්‍රකාශයක්

    February, 23, 2017

    ජපානයේ, කෝබේ නගරයේදී පැවැත්වීමට නියමිත 'ජාත්‍යන්තර වරායන් පිළිබඳ සමුළුව' සඳහා සහභාගි වීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත ඇරියුම් ලැබී ඇත.

    මෙම සමුළුව ආසියානු කලාපයේ සමුද්‍රීය කටයුතු පිළිබඳ තොරතුරු හුවමාරු කරගැනීම සඳහා සුවිශේෂ අවස්ථාවක් වන අතර, එහි දී ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ජපානයේ කෝබේ නාගරික රජයේ වරාය සහ නාගරික ව්‍යාපෘති කාර්යාංශය අතර අන්‍යෝන්‍ය ගිවිසුමකට එළඹීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.