ජපානයේ විදේශ කටයුතු ඇමැතිනිය විජිත යාපා පොත්හලේ

    May, 8, 2024

    කොළඹ පිත්තල හන්දියේ පිහිටි විජිත යාපා පොත්හලට ජපානයේ විදේශ කටයුතු ඇමතිනිය වන යොකෝ කමිකාවා මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිඩෙයාකි මහතා පසුගිය සෙනසුරාදා (මැයි 4) පැමිණ ශ්‍රී ලංකාව පිළිබඳවත් ළමුන් සදහා වු පොත් පිළිබඳව උනන්දුවක් දැක්වීය. ජපන් භාෂාව ප්‍රවර්ධනය කරන පොත් ප්‍රකාශකයෙකු ලෙස විජිත යාපා පොත් හල ප්‍රකට වී ඇත.

    එම අවස්ථාවේදී වෛද්‍ය ඇන්ටන් සෙබැස්ටියන් ගේ ‘The Complete Illustrated History of Sri Lanka’ කෘතිය ජපන් විදේශ ඇමතිනිය හට පරිත්‍යාග කරන ලදි. ලන්ඩන් නුවර විසූ වෛද්‍ය සෙබැස්ටියන් මහතා විශ්‍රාම ගොස් තිබුණද, කෝවිඩ්-19 වසංගත කාලයේදී තමා සේවය කළ රෝහලට ඔහු ස්වෙච්ඡාවෙන් සේවය කිරිමට නැවත ඉදිරිපත් වූ බවත්, අවාසනාවන්ත ලෙස එම රෝගයට බිලි වූ බවත් ඇමතිනිය දැන ගනු ලැබුවේ එම අවස්ථාවේ දීය.