ජ‘පුර හා තායිලන්තයේ කැසෙට්සාර්ට් අතර අවබෝධතා ගිවිසුමක් 

    October, 30, 2019

    උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ අධ්‍යාපනික සහයෝගිතාවය වර්ධනය කිරීමේ අරමුණින්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනය සහ තායිලන්තයේ කැසෙට්සාර්ට් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන පීඨය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම පිණිස නගර සැලසුම්, ජලසම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.