ජය බහලු පර්යන්තයේ ගැඹුරු නැංගුරම්පළ ධාරිතාව වැඩි කිරීමට චීන සමාගමකින් දොඹකර තුනක්

    March, 15, 2019

    කොළඹ වරාය වෙත පැමිණෙන අතිවිශාල බහළු නෞකාවන් මෙහෙයවීමේ හැකියාව වැඩි කරගැනීම පිණිස ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ජය බහලු පර්යන්තයේ (JCT) ගැඹුරු නැංගුරම්පළ ධාරිතාව වැඩි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

    එම ව්‍යාපෘතියේ එක් සංරචකයක් ලෙස නෞකාවේ සිට ගොඩබිමට බහළු මෙහෙයුම් සඳහා දොඹකර 03ක් සපයා ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සීමාසහිත ෂැන්හයි ෂෙන්හුවා හෙවි ඉන්ඩස්ට්‍රීස් සමාගම වෙත පැවරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දෙන ලදී.

    එකී අනුමැතිය අනුව ගැන්ට්‍රි දොඹකර 03ක් මිල දී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඉදිරි කටයුතු කරගෙන යාම පිණිස වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.