ජවසම්පන්න 718 Boxster ලංකාවට පැමිණෙයි

    September, 14, 2016

    ශ්‍රී ලංකාවේ මෝටර් රථ ලෝලීන්ට ප්‍රථම වරට Porsche රථ පැදවීමේ අවස්ථාවක් උදාකර දීමට Porsche සඳහා මෙරට නියෝජිත, සීමාසහිත යූරෝකාස් (පුද්ගලික) සමාගම (Eurocars) කටයුතු කර ඇත. මේ අනුව සැප්තැම්බර් 13 වෙනිදා සිට, නවතම 718 Boxster මාදිලිය ඇතුළුව ඉහළම පෙළේ මාදිලි 9 ක විශිෂ්ටත්වය අත්විඳීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන් හට උදා වේ.

    නවතම 718 Boxster මාදිලියට අමතරව Porsche 911 Turbo, 911 Carrera 4S Cabriolet, Panamera GTS, Cayenne GTS, Cayman GT සහ Macan GTS යන මාදිලි, මේ යටතේ ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත. ඡදරිජයැ සමාගමේ නවීතම තාක්ෂණය සමගින් විශිෂ්ට ක්‍රියාකාරීත්වය සහ කාර්යක්ෂමතාව එක්තැන් කරන අපූර්ව නිර්මාණ ලෙස මේවා හැඳින්විය හැකි වේ. ජාත්‍යන්තර වෘත්තීය රියදුරු උපදේශකවරුන් දෙදෙනෙකු සහ ශ්‍රී ලංකාවේ රිය පැදවුම් විශේෂඥයන් තිදෙනෙකුගේ සහය සමගින්, මෙම නව රථවල අපූර්ව අත්දැකීම විඳගැනීම සඳහා ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව ලබාදීමට සීමාසහිත යූරෝකාස් (පුද්.) සමාගම සූදානමින් සිටී.

    “Porsche Driving Experience යනු ශ්‍රී ලාංකිකයන්ට Porsche මාදිලි පෙළ අත්විඳීමට ලැඛෙන මහඟු අවස්ථාවක්. මේ මෝටර් රථයේ ක්‍රියාකාරීත්වය, විශේෂාංග සහ අලංකාරය අතින් ඉදිරියෙන්ම සිටින බව අමුතුවෙන් කිව යුතු නැහැ. මේ සියල්ල සිතූ සේ අත්දකින්නට මෝටර් රථ ලෝලීන්ට අවස්ථාවක් ලබාදීමට හැකිවීම අපට විශාල සතුටක්. එමෙන්ම සතියේ දිනවල ඡදරිජයැ ප්‍රදර්ශනාගාරයේදී සහ සති අන්තවල වෙනත් තැන් කිහිපයකදී මේ මෝටර් රථ දැකබලාගැනීමට හැකියාව ලැබේවි.“ සීමාසහිත යූරෝකාස් (පුද්ගලික) සමාගමේ සභාපති ආතර් සේනානායක මහතා පැවසී ය.

    මෙම අවස්ථාවට සහභාගී වූ Porsche Asia Pacific හි කළමනාකාර අධ්‍යක්ෂ, මාටින් ලිම්පර්ට් මහතා පැවසුවේ Boxter රථය හඳුන්වා දී වසර 20 කට පසුව ප්‍රථම වතාවට එය අලූත් නමකින් හඳුන්වා දීමට Porsche කටයුතු කර ඇති බවයි.

    “මේ අලූත් මාදිලි, 718 Boxster සහ 718 Boxster S ලෙස හඳුන්වා දී තිඛෙනවා. 718 නම මුලින්ම භාවිතා වුණේ 50 සහ 60 දශකවල Targa Florio සහ Le Mans තරග ඉසව් වල ජයග්‍රහණ රාශියක් වාර්තා කිරීමේ ගෞරවය හිමිවූයේ, Porsche 718 mid-engined sports මෝටර් රථයටයි. 718 Boxster රථවලට 300 hp බලයක් ලබාදෙන 2l එන්ජිමකුත්, 718 Boxster S රථයට 350 hp බලයක් ලබාදෙන 2.5l එන්ජිමකුත් ඇතුළත්වී තිඛෙනවා. මෙහි චැසිය වැඩිදියුණු කර තිඛෙන අතර Porsche Communication Management පද්ධතියත් තවදුරටත් දියුණු කර තිඛෙනවා. ඓතිහාසික 718 නාමයද සමගින් සිලින්ඩර 4 එන්ජින් සම්ප්‍රදාය තවදුරටත් ඉදිරියට ගෙන යාමට Porsche කටයුතු කර ඇති බව දන්වා සිටිමු. මේ නව රථවල එන්ජින් වඩාත් ජවසම්පන්න මෙන්ම, ඉන්ධන කාර්යක්ෂමතාව අතිනුත් ඉහළයි. මේවා සඳහා දැනටමත් ලොව පුරා මෝටර් රථ ලෝලීන්ගෙන් සහ ජනමාධ්‍යවේදීන්ගෙන් උණුසුම් ප්‍රතිචාරයක් ලැබී තිඛෙනවා. ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළත් එවැනිම ප්‍රතිචාර ලැඛෙනු ඇති බවට සැකයක් නැහැ.“ ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

    Boxter යන නාමය සෑදී ඇත්තේ ‘boxer’ (‘බොක්සර්‘ හෙවත් ‘ෆ්ලැට්‘ එන්ජිම) සහ ‘roadster’ යන නම් දෙකේ එකතුවක් ලෙසිනි. ඉන්ධන වැයවීම සහ අහිතකර වායු විමෝචනය 13% ක් දක්වා අඩු කිරීමේ හැකියාව මෙම එන්ජිම සතු ය. සෑම අතින්ම අලංකාර නිමැවුමක් වන 718 Boxster රථවලට Bi-Xenon headlights, LED daytime running lights, four-point brake lights සහිත 3D tail lights සහ පසුපස trim strip වැනි විශේෂාංග රැසක්ද ඇතුළත් වී තිබේ.

    Sport Chrono පැකේජය ඇතුළත්කිරීම මගින් 718 Boxster ක්‍රියාකාරීත්වය තවත් වැඩිදියුණු කරගැනීමේ හැකියාව තිබීම විශේෂත්වයකි. මෙම පැකේජයට ‘Mode Switch’ සහ තෝරාගත හැකි GT Sports ස්ටියරින් වීලය යටතේ එන, Sport response button වැනි අංග ඇතුළත් වේ. ඊට අමතරව මෙම නව පරපුරේ Porsche Communication Management (PCM) පද්ධතියට 7’ multi-touch screen, Mobile phone preparation සහ Sound Package Plus වැනි අංගද ඇතුළත් වී ඇත.