ජාත්‍යන්තර බැඳුම්කර නිකුතු හරහා නිල සංචිතය ඩොලර් බිලියන 2.2කින් වැඩිවෙලා

    August, 22, 2019

    2019 ජූනි මාසය තුළ දී නිකුත් කරන ලද එ.ජ. ඩොලර් බිලියන 2ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතු තුළින් වූ ලැබීම් ද සමඟ රටෙහි දළ නිල සංචිත, 2019 මැයි මස අවසන් වන විට වාර්තා වූ එ.ජ. ඩොලර් බිලියන 6.7 සිට 2019 ජූනි මස අවසන් වන විට එ.ජ. ඩොලර් බිලියන 8.9 ක් දක්වා ඉහළ ගොස් ඇත.

    මෙම සංචිත මට්ටම ආනයනික මාස 5.2කට සමාන වේ.

    මේ අතර, දළ නිල සංචිත හා බැංකු අංශයේ විදේශීය වත්කම්වලින් සමන්විත මුළු විදේශීය වත්කම් ප්‍රමාණය, 2019 ජූනි මස අවසානය වන විට එ.ජ. ඩොලර් බිලියන 11.5 ක්වූ අතර, එය ආනයනික මාස 6.8කට සමාන විය.