ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා මෙරට නව පිළිවෙත අගයයි

    January, 23, 2017

    ආර්ථිකය නිවැරදි මාවතකට ගෙන, මූල්‍ය විනයක් සහිත රාජ්‍යයක් නිර්මාණය කරලීම උදෙසා ශ්‍රී ලංකාව අනුගමනය කරන නව පිළිවෙත අතිශයින් අගය කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්‍ෂිකා ක්‍රිස්ටීන් ලගාර්ඩි (Madam Christine Lagarde) මහත්මිය පැවසුවාය.

    ඒ සඳහා ශ්‍රී ලංකා රජය ප්‍රදර්ශනය කළ කැපවීම සම්බන්ධයෙන් ද ලගාර්ඩ් මහත්මිය ප්‍රසාදය පළ කළේය.

    ශ්‍රී ලංකාව නැවතත් ආර්ථික වශයෙන් ඉහළ තලයකට නැංවීමේ ක්‍රියාන්විතය ඉදිරියට ගෙන යද්දී අනපේක්‍ෂිත අභියෝගයකට මුහුණ දීමට සිදු වී ඇති බව අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

    ඒ, වසර 15 කට පසුව එළැඹෙන දරුණුතම නියඟයට ශ්‍රී ලංකාව මුහුණ පාන්නට සිදුවී ඇති නිසා ආර්ථික වර්ධනයේ බලාපොරොත්තු ප්‍රතිඵල ලබා ගැනීම අසීරු වීම බව වික්‍රමසිංහ මහතා පැවසීය.

    නියඟය නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදුවන බලපෑම දැන් තක්සේරු කරමින් සිටින බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ප්‍රකාශ කළේය.