ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව සහ කොළඹ කොටස් හුවමාරුව එක්ව ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා 5වන වරටත් සීනුව නාද කරයි

    March, 6, 2020

    2020 වර් ෂයෙහිදී ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමේ අරමුණ පෙරදැරිව ලෝක බැංකු සමුහයේ සමාජිකයකු වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව හා කොළඹ කොටස්  හුවමාරුව එක්ව අබණ්ඩව පස්වන  වසරටත් සීනුව නාද කොට ගනුදෙනු ආරම්භ කිරීම කොළඹ කොටස්  හුවමාරුව තුල අද දින සිදු කරනු ලබයි. වාර්ෂිකව ලොව පුරා විවිධ කොටස් හුවමාරුවල පැවැත්වෙන මෙවැනි සීනුව නාද කිරීමේ උත්සව තුලින් ගෝලීය ආර්ථිකය සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය සඳහා නායකයින්, ව්‍යවසායකයින්, සේවිකාවන් සහ පාරිභෝගිකයන් ලෙස  කාන්තා සහභාගීත්වය දිරිමත් කිරීමට සහ ඒ සදහා පෞද්ගලික අංශය පෙළඹවීමේ ඇති වැදගත්කම මෙහිදී පෙන්නුම් කරනු ලබයි.

    අධ්‍යාපනික සහ සෞඛ්‍යය යන අංශවල කාන්තා සහභාගිත්වයේ වර් ධනයක් දක්නට ලැබුනද ශ්‍රී ලංකා  ශ්‍රම බලකායෙහි පිරිමින්ගේ 76%ක  සහභාගීත්වයට සාපේක්ෂව කාන්තා සහභාගීත්වය 34%ක් පමණි.

    ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ කොළඹ කොටස්  හුවමාරුව (CSE) විසින් මෑතකාලීනව කරන ලද සමික්ෂණවලින් හෙළි වු කරුණු අනුව කාන්තා අධ්‍යක්ෂකවරුන්ගේ සංඛ්‍යාවෙහි  ඉහළ වර් ධනයක්  පෙන්නුම් කරයි. 2019 දී ලැයිස්තුගත සමාගම් අධ්‍යක්ෂකවරුන්ගෙන් 9.6% ක් කාන්තාවන් වූ අතර එය 2018 දී 8.5% සහ 2017 දී 8.14% වේ.  එනම් එය මීට පෙර වර්ෂ  හා සසදන කල සැලකිය යුතු ඉහළ වර්ධනයකි.

    කොළඹ කොටස්  හුවමාරුවෙහි අධ්‍යක්ෂක දුමිත් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ, “ශ්‍රම බලකායෙහි  කාන්තාවන් අවම වශයෙන් උපයෝගී කරගත් ආර් ථික  හා ව්‍යාපාරික සම්පත වන අතර මෙම පරතරය අඩුකිරිමෙන් සමාගම් හට  ඉහළ වර්ධනයක් ලබා ගැනීමට හැකි වෙනවා” යනුවෙනි. “පසුගිය කාලයේ අපගේ ලැයිස්තුගත සමාගම් බොහොමයක් සිය අධ්‍යක්ෂ මණ්ඩලවලට ස්වාධීන, දක්ෂ කාන්තාවන් සහභාගි කරගැනීම අපට සතුටට කරුණක්. එනම් එය 2020 ජනවාරි මාසය වන විට සියයට 9.6%ක් ලෙස සටහන් වීම සහ කාලන්තරයක් තිස්සේ  සමාගම් අධ්‍යක්ෂ මණ්ඩල තනතුරුවල කාන්තාවන්ගේ අඛණ්ඩ වැඩිවීම  මෙම කරුණ තවදුරටත් පැහැදිලි වෙනවා.” යනුවෙන් එතුමා තවදුරටත් පැවසීය.

    ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වර්ධනයක් තුලින්,  නැගී එන වෙළෙඳපොළවල්වල පුද්ගලික අංශයන්හි  මූල්‍ය ප්‍රතිලාභ වර්ධනයට සහ ආර්ථික වාසි ලඟා කරගැනීමට අවශ්‍ය පදනම සැකසීමට හැකි වනු ඇත. ගෝලීය සමීක්ෂණ අනුව ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන මූල්‍ය නිලධාරි යන තනතුරු කාන්තාවක් විසින් දරන  සමාගම් බොහෝදුරට සමස්ත සමාගම් හා සාපේක්ෂව කොටස්වල අත්පත්කරගත් ප්‍රතිලාභ වඩාත් සාධනීය බවත් කාන්තාවන් නොමැති සමාගම්වලට වඩා අධ්‍යක්ෂ මණ්ඩලයෙහි කාන්තාවන්  එකකට වඩා වැඩි දෙනෙක් සිටින සමාගම්වල 3.7% ක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කෙරේ.

    “මෙම සංඛ්‍යාලේඛනවලින් ශ්‍රී ලංකාවේ සමාගම් නිවැරැදි මඟක ගමන් කරන බව පෙනී යනවා. කෙසේ නමුදු මෙම ප්‍රගතිය තවමත් මන්දගාමී වන අතර ගෝලීය ප්‍රවණතා සමඟ අනුකූල වීමට මෙම තත්ත්වය වේගවත් කිරීමට අවශ්‍යයි. එබැවින් ශ්‍රම බලකායට කාන්තාවන් වැඩි කරගැනීමට විවිධ පියවරන් අනුගමනය කළ යුතු වෙනවා. එමෙන්ම කාන්තාවන්ට නායකත්වය ලබාදීමට සුදුසු වැඩපිළිවෙළක් ගොඩනැගීය යුතු වෙනවා,” ශ්‍රි ලංකාව සහ මාලදිවයින සඳහා ජාත්‍යන්තර මූල්‍ය සංස්ථා කළමනාකාරී අමෙනා අරිෆ් මහත්මිය පැවසීය.

    ජාත්‍යන්තර මූල්‍ය සංස්ථා (IFC) “Women on Boards” වැඩසටහන හරහා කාන්තාවන් පෞද්ගලික අංශයේ සහභාගීත්වය සහ නායකත්ව හැකියාවන් වර් ධනය කිරීමට අනිවාර් යය යහපත් ආයතනික භාවිතයන් ප්‍රචලිත කරන පුළුල් ප්‍රයන්ත වැඩසටහනකි. ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සම්බන්ධ මෙවැනි වැඩසටහන් සඳහා  ඕස්ට්‍රේලියානු රජය විසින් සහාය වන IFC-DFAT Women in Work හවුල සහාය වේ.

    “ ශ්‍රි ලංකාවේ තිරසාර සහ ඉහළ කාර් යය සාධක ශ්‍රම බලකායක් ගොඩනැගීම සඳහා ස්ත්‍රි පුරුෂ සමානාත්මතා  වර් ධනය සහ කාන්තාවන් සවිබලගැන්වීම වැදගත් වෙනවා. අප ඕස්ට්‍රේලියාවෙහි  විශ්වාසය  ගෝලීය වශයෙන් කාන්තාවන් මෙන්ම පිරිමින්ටද, පවුල්, ප්‍රජාව සහ ව්‍යාපාර යන සෑමටම ප්‍රතිලාභ අත්පත්කරදීමට හා වඩාත් සමෘද්ධිමත් ආර්ථිකයක් සඳහා ස්ත්‍රි පුරුෂ සමානාත්මතාවය සහ විවිධාංගීකරණය තීරණාත්මක බලපාන බව” ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩෙවිඩ් හොලී මහතා පැවසීය.

    “ස්ත්‍රි පුරුෂ සමානාත්මතාවය සදහා පවත්වන සීනුව නාද කිරීමේ උත්සවය” IFC, Sustainable Stock Exchanges (SSE) Initiative, UN Global Compact, UN Women, Women in ETFs සහ World Federation of Stock Exchanges යන ආයතන සහ වැඩසටහන්වල සහයෝගීතාවයෙන්  පවත්වනු ලැබේ. මෙම වර් ෂයෙහිදී ලොව පුරා කොටස් හුවමාරු 90කට අධික ප්‍රමාණයක මෙම වැඩසටහන පැවැත්වේ.