February, 15, 2017
2017 වර්ෂය සඳහා වූ විසර්ජන පනත අනුව, රජයේ උපරිම ණය ගැනීම් හි නොපියවූ ශේෂය 2017 මූල්‍ය වර්ෂය සඳහා රුපියල් බිලියන 1,579.11කි.
2017 වර්ෂය තුළ සිදු කළ යුතු ණය වාරික සහ පොලී ගෙවීම් වෙනුවෙන් රුපියල් බිලියන 1,480ක් අවශ්‍ය බවට ඇස්තමේන්තුගත කර ඇත.
ඒ අනුව, 2017 වර්ෂය සඳහා වූ විසර්ජන පනතෙහි සඳහන් සමස්ත ණය ගැනීම් සීමාව තුළ ඇමරිකානු ඩොලර් මිලියන 1,500ක් දක්වා අරමුදල් සපයා ගැනීමේ අරමුණින්, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story