ජාතික අපනයන උපාය මාර්ගික සැලැස්ම එළි දකී

    July, 20, 2018

    ජාතික අපනයන උපාය මාර්ගික සැලැස්ම එළිදැක්වීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

    සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා විසින් ජාතික අපනයන උපාය මාර්ගික සැලැස්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්විණි.

    එම අවස්ථාවට සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර යන මහත්වරු සහ දෙස් විදෙස් වාණිජ ආයතන නියෝජිතයින් ඇතුලූ විශාල පිරිසක් සහභාගි වී සිටියහ.