ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙලේදී හේමාස් රෝහල් ජාලය රනින් වැජඹෙයි

    February, 13, 2020

    සමස්ත කාණ්ඩයේ සහ සෞඛ්‍ය සේවා අංශයේ රන් සම්මාන දිනා ගනී

    ACHSI හෙවත්  Australian Council for Healthcare Standards International ප‍්‍රමිතිකරණය ලැබූ සහ රෝගීන්ගේ ආරක්ෂාව සහ ගුණාත්මක බව සම්බන්ධයෙන් රන් මුද්‍රාව ලැබූ  ශ‍්‍රි ලංකාවේ ප‍්‍රථම සහ එකම රෝහල් ජාලය වන හේමාස් රෝහල් සමූහය පසුගිය දෙසැම්බර් 13 වනදා පැවති ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙලේ සමස්ත කාණ්ඩයේ සහ සුව සේවා අංශයේ රන් සම්මාන දිනා ගනිමින් තවත් සම්මානනීය සාර්ථක වසරක් අවසන් කිරීමට සමත් විය.

    ශ‍්‍රී ලංකා  ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල මගින් වසර පුරා තම ක්ෂේත‍්‍රයන් හි ඉහළම සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට සමත් වූ ආයතනයන් හි උත්සාහයන් ඇගයීමට ලක්කරනු ලබයි.

    මේ පිලිබඳ අදහස් දැක්වූ හේමාස් රෝහලේ කළමණාකාර අධ්‍යක්ෂ සහ පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමයේ සභාපති ආචාර්ය ලකිත් පීරිස් මහතා,‘‘මෙවැනි ජාතික සම්මාන උළෙලකදී අපව රනින් ඇගයීම පිලිබඳ අප සතුටටත් ආඩම්බරයටත් පත්වෙනවා.මෙවැනි සම්මානයන්ගෙන් පිදුම් ලැබීම අප රෝහල් ජාලය විසින් අනුගමනය කරනු ලබන උසස් ප‍්‍රමිතීන් අවධාරනය කරනවා. ඒවගේම අඛණ්ඩව වැඩිදියුණු කිරීම් සහ නව්‍යකරණය තුළින් ශ‍්‍රී ලංකා සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සීමා මායිම් පුළුල් කිරීමටත් අපව දිරිමත් කරනු ලබනවා”යැයි පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පීරිස් මහතා,‘‘මෙම සම්මාන මගින් අපගේ කාර්ය මණ්ඩලයේ දැඩි කැපවීම සහ උත්සාහය පෙන්නුම් කරනු ලබන අතර ඔවුන් නොමැතිව මේ කිසිවක් අපට ලබා ගත නොහැකි බව ප‍්‍රකාශ කළ යුතුයි. ඔවුන් අපගේ සාර්ථකත්වයේ ප‍්‍රධාන සාධක වන අතර ඉදිරි වර්ෂයේදී හේමාස් රෝහල් ජාලය මීටත් වඩා ඉහළ මට්ටමකට පැමිණෙනු ඇතයි මම බලාපොරොත්තු වනවා” යනුවෙන් සඳහන් කළේය.

    ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙලේ සම්මාන සඳහා ඇගයීම් සහ නිර්දේශ කිරීම් පිළිගත් වෘත්තීය විනිශ්චය මණ්ඩලයක් යටතේ සිදු කරනු ලබයි.තරඟය සඳහා ඉදිරිපත් කරනු ලබන අයදුම්පත් පළමුව කරුණු හතක නිර්ණායකයකට අනුව වින්ශ්චය කරනු ලබයි.ඉන්පසු විශ්ලේෂණ ,සම්මුඛ සාකච්ඡා සහ විනිශ්චය මණ්ඩලයේ අවසන් සමාලෝචනය ඇතුළු තවත් අධියරයන් තුනක් ඔස්සේ ඇගයීමට ලක් කිරීමෙන් පසු සම්මාන සඳහා සුදුස්සන් තෝරාගනු ලබයි.

    හේමාස් රෝහල් ජාලයේ මෙම ජයග‍්‍රහණය පසුගිය හය මස පුරා රෝහල ලැබූ ජයග‍්‍රහණයන්ට තවත් ශක්තියක් එකතු කරනු ලබයි. හේමාස් රෝහල පසුගිය මාස හය තුළ දේශීය වශයෙන් සහ ජාත්‍යනතර වශයෙන් ඉහළම සම්මානයන් 18 කින් පිදුම් ලබමින් ශ‍්‍රී ලංකාවේ වඩාත් පිළිගත් රෝහල බවට පත්වීමට සමත් වී තිබේ. මෙම සම්මානයන් අතර සිංගප්පූරුවේ හෙල්ත්කෙයාර් ඒෂියා හි සම්මාන 3 ත්, වියට්නාමයේ හැනෝයි හි පැවති රෝහල් කළමනාකරණ ආසියා සම්මාන උළෙලේ විශිෂ්ටතා සම්මානයත් ඇතුළත් වන අතර, මේ වසරේදී ප‍්‍රධාන විදේශීය සම්මානයන් ලබා ගත් එකම රෝහල හේමාස් රෝහල බවට පත්වෙමින් ශ‍්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් අත්කර දීමට සමත් වී තිබේ.

    මේ අතර දේශීය වශයෙන්, ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය ආයතනය හෙවත්  NIOSH හි ඉහළම සම්මාන 3 ත්, ගුණාත්මකභාවය හා ඵලදායීතාවය සඳහා වූ ජාතික සම්මේලනයේ ^NCQP& රන් සම්මාන 9 ක් රිදී සහ ලෝකඩ සම්මානයත් ලැබීමට හේමාස් රෝහල සමත් වී තිබේ.

    වර්ෂ 2008 දී වත්තල ස්ථාපිත කරන ලද හේමාස් රෝහල , රෝහල් ජාලයක් බවට පත් කරමින් එහි දෙවැන්න තලවතුගොඩ ස්ථාපිත කරන ලදී. ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන රෝහල් ජාලයක් වන හේමාස් රෝහල සමුහය FMCG, සෞඛ්‍ය , ප‍්‍රවාහන. සහ විනෝදාස්වාදය ඇතුළු අංශ රැසක විවිධාංගිකරණය වූ හේමාස් හෝල්ඩින්ග්ස් හී පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන අතර ජාත්‍යන්තර මට්ටමින් යුත් ගුණාත්මක සහ ආරක්ෂිත සෞඛ්‍ය සේවාවක් රෝගීන්ට සපයනු ලබයි. තවද Australian Council for Healthcare Standards International හී ප‍්‍රතීතනය ලද සහ ආරක්ෂාව සහ ගුණාත්මක බව සම්බන්ධයෙන් රන් මුද්‍රාව ලැබූ  ශ‍්‍රි ලංකාවේ ප‍්‍රථම සහ එකම රෝහල් ජාලය වන හේමාස් රෝහල් ජාලය දිවයින පුරා රසායනාගාර ජාලයක් ද ක‍්‍රියාත්මක කරනු ලබයි.

    හේමාස් රෝහල මේ වන විට සමාජ සද්කාරමය ක‍්‍රියාවලින් රැුසක් ද සිදු කර ඇත. කාන්තා සහ ළමා කටයුතු කාර්යාංශයත් සමග ක‍්‍රියාත්මක ”පියවර ” වැඩසටහනින් රුපියල් මිලියන 400 ක වියදමකින් දිවයින පුරා  පෙර පාසල් 53 කට අධික සංඛ්‍යාවක් ඉදිකර ඇති අතර ”ආයති” සමාජ සද්කාරමය වැඩසටහන යටතේ කැලණිය විශ්විද්‍යාලය, මාස් හෝල්ඩින්ග්ස් සහ ශ‍්‍රී ලංකා යුධ හමුදාව සමග එක්ව ආබාධිත දරුවන් වෙනුවෙන් රුපියල් මිලියන 650 ක වියදමකින් රාගම රෝහලේ  පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ද ඉදි කරමින් පවතියි.