ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් සැකසීමට විද්වත් කමිටුවක්

    September, 4, 2020

    අමාත්‍ය මණ්ඩලය විසින් 2017 අගෝස්තු මස 01 දින අනුමත කරනු ලැබ ඇති ජාතික වෙළෙඳ ප්‍රතිපත්තිය සකස් කිරීමේදී නිසි පරිදි අදාළ සියලු පාර්ශ්වයන් විමසමින් එකී ප්‍රතිපත්තිය සකස් කර නොමැති බවට නිරීක්ෂණය වී ඇත.

    ඒ අනුව, වර්තමානයට ගැළපෙන අයුරින් නව ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් සකස් කිරීම පිණිස අදාළ සියලු පාර්ශ්වයන් නියෝජනය වන පරිදි විද්වත් කමිටුවක් පත් කිරීම සඳහා වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.