ජාලය නංවන්න ටෙලිකොම් ඩොලර් මිලියන 100 ක ණයකට

    February, 28, 2014

    ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ යටිතල පහසුකම් ගොඩනැගීම වෙනුවෙන් ආයෝජනය කිරීමට ඩොලර් මිලියන 100 ක ණය මුදලක් ලබාගැනීමට සම්පත් බැංකුව සමග එක්ව පහසුකම් සපයන බව හොංකොං ඇන්ඩ් ෂැංහයි බැංකුව පවසයි.

    මෙරට ස්ථාවර දුරකතන අංශයේ ඒකාධිකාරය ශ්‍රී ලංකා ටෙලිකොම් සතු අතර සමාගමට අනුබද්ධ ජංගම දුරකතන සමාගමක්ද තිබේ.

    2013 දෙසැම්බර් කාර්තුවේදී ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ලාභය සියයට 98 කින් වර්ධනය වී රුපියල් බිලියන 1.48 ක්වූ බව නවතම ගිණුම් වාර්තා වලින් පසුගියදා අනාවරණය විය.

    මෙහිදී, කැපී පෙනුණු කාරණයක් වූයේ පුළුල් පරාස සහ රූපවාහිනී ව්‍යාපාරික කටයුතුවල ලාභ වර්ධනය වෙමින් තිබියදී කටහඬ අංශයේ ලාභය පහළ වැටී තිබීමයි.