ජැට් ලිවින් වෙතින් පාගොඩ ‘96 Residencies’

    December, 5, 2016

    ගෘහ භාණ්ඩ හා නිමැවුම් කර්මාන්තයේ ප්‍රමුඛයා වන ජැට් හෝල්ඩින්ග්ස් විසින් නාවල ඉදිකරන ලදි ‘77 on Fourth Residencies’ නිවාස සංකීර්ණයේ සාර්ථකත්වයත් සමග ජැට් ලිවින්ග් අනුබද්ධිත සමාගම තම සුවිශේෂීතාවය සමග ‘96 Residencies’ යනුවෙන් නවතම නිවාස පෙළක් පාගොඩ දී ඉදිකිරීම ආරම්භ කර ඇත.

    ජැට් ලිවින්ග් යනු තම ප්‍රධාන මූලධර්ම සමග විශ්වාසනීය හා විශ්වාසදායක ලෙස ඉදිකිරීම් හා සංවර්ධන විසඳුම් සපයමින් නිවාස හා නිවාස සංකීර්ණ වමිාපෘති රැසක් ඉදිකිරීමට කැපව සිටින ආයතනයකි.

    ජැට් ඉන්ජිනියරින්ග් අධ්‍යක්ෂක රිචර්ඞ් ගුණවර්ධන මහතා අදහස් දක්වමින් ” අපගේ දැක්ම වන්නේ අපගේ වටිනා පාරිභෝගිකයන් හට පරිපුර්ණත්වයෙන් යුත් වටිනා නිමැවුමක් ලබා දීමයි. අප ආයතනික වටිනාකම් මූලික කර ගනිමින් හා සැප පහසුව හා ශාන්තභාවය යන සංකල්පය එකම අවස්ථාවක ලබා ගැනීම මුල් කරගනිමින් විචිතඹ්වත් නවීන නිවාස ඉදි කිරීමයි” යැයි පැවසීය.

    නො 96 පාගොඩ පාර කෝට්ටේ පිහිටි මහල් නිවාස 60 කින් යුත් මෙම සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ වර්ග අඩි 905 සිට වර්ග අඩි 1475 ක් දක්වා වූ ප‍්‍රමාණයන්ගෙන් යුත් නිවාස පිහිටි අතර කාමර 2 හා 3 කින් සමන්විත නිවාස ඇතුලත්ව ඉදිවනු ඇත. මෙම නිවාස සංකීර්ණයේ සියළුම නිවාස වායු සමීකරණය කර ඇති අතර අධිවේගී අන්තර්ජාල සහ HDTV පහසුකම් සඳහා fibre-optic සම්බන්ධතා, Wellman ජර්මන් මුළුතැන්ගෙවල්, ප‍්‍රසිද්ධ ඉතාලි සන්නාමයක් වන Marazzi ටයිල්, පිටරටින් ආනයනය කරන ලද ඉහල තත්වයේ විදුලි පහන් හා නාන කාමර උපාංග වලින් සමන්විත වේ. මෙම නිවාස ව්‍යාපෘතිය මහල් 15 කින් සමන්විත වන අතර එයින් මහල් 10 ක අති සුඛෝපභෝගී නිවාස ද, මහල් 4 ක රථගාලකින්ද නිවාස සංකීර්ණය මුදුනේ විශාල ප‍්‍රමාණයේ නාන තටාක දෙකක් හා ( වැඩිහිටි/ළමා ) විනෝදාස්වාදය සඳහා වූ විවේකාගාරයකින්ද සියළු උපාංග වලින් යුත් ශරීර සුවතා මධ්‍යස්ථානයකින්ද සමන්විත වන නිසා 96 Residencies සුඛෝපභෝගී නිවාස සංකීර්ණය ආයෝජනය කිරීමට සුදුසුම ස්ථානයක් බවට අවිවාදාත්මකව පත්වනු නියතය. මෙම ව්‍යාපෘතියේ නිවාස රුපියල් මිලියන 18.1 සිට ඉහළට පාරිභෝගිකයාට ලබා ගත හැක.

    නුගේගොඩ හන්දියේ සිට කිලෝ මීටරයකට අඩු දුරකින් සුන්දර හා සුවදායක පරිසරයක පිහිටා ඇති මෙම නිවාස සංකීර්ණයේ පිහිටි නිවාසයන්හී සඳළුතලයේ සිට බැලූ විට නගරයේ අසිරිය දැක බලාගත හැකිවේ. එමෙන්ම මෙම නිවාස සංකීර්ණය ආසන්නයේ ජනප‍්‍රිය දේශීය හා ජාත්‍යන්තර පාසැල්, ප‍්‍රසිද්ධ ආපනශාලා, රෝහල්, සාප්පු සංකීර්ණ හා විනෝදාස්වාද පහසුකම් රැසක් පිහිටා ඇත.

    ගෘහභාණ්ඩ හා නිමැවුම් කර්මාන්තයේ විශ්වාසනීය පඹ්මුඛයා බවට පිළිගත් ජැට් හෝල්ඩින්ග්ස්, මෙම නවතම හඳුන්වා දීමත් සමග තම කීර්ති නාමය තව තවත් ඉහල නැංවීමට සමත් වෙනු ඇත. නාගරික හා උප නාගරික ජනාවාස සඳහා ඇති අඛණ්ඩ ඉල්ලූමත් සමග ජැට් ලිවින්ග් තම පාරිභෝගිකයන් ගේ අවශ්‍යතාවයන් සපුරාලමින් සුඛෝපභෝගී හා සුවදායී නිවාස ඉදිකර දෙයි. ”96 Residencies ” යනු පාරිභෝගික අවශ්‍යතාවයන්ට සරිලන ලෙස ඉදිකරන ඒකීය පවුල් ඒකකයකට යෝග්‍ය නවීන හා සුඛෝපභෝගී බවේ එකතුවකින් සැදුම් ලත් නිවාසයන් වේ.