ජූනි මාසයේ දී වෙළෙඳ හිඟය අඩුවෙයි

    August, 28, 2017

    2017 ජූනි මාසයේ වෙළෙඳ හිගය, 2016 ජූනි මාසයේ පැවති එක්සත් ජනපද ඩොලර් මිලියන 775 ට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 554 ක් දක්වා අඩු වී ඇත. කෙසේ වුව ද, 2017 වසරේ පළමු භාගය තුළ සමුච්ඡිත වෙළෙඳ හිඟය, 2016 වසරේ පළමු භාගය තුළ වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 4,191 හා සැසඳීමේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 4,753 ක් දක්වා පුළුල් වී තිබේ.

    මේ අතර 2017 වසරේ පළමු භාගයේ දී සමස්ත ගෙවුම් තුලනය, 2016 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ දී වාර්තා කළ එක්සත් ජනපද ඩොලර් මිලියන 1,186.1 ක හිඟයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 1,563.4 ක අතිරික්තයක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ඇස්තමේන්තු කර සිටී.