ජූලි මාසයේ දී වැඩිපුර වාහන ආනයනය කරලා

    October, 4, 2017

    2017 ජූලි මාසයේ දී මෙරටට වාහන ආනයනය සඳහා දරන ලද වියදම ඇමරිකානු ඩොලර් මිලියන 62.2 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශය කියා සිටී. එය 2016 ජූලි මාසයේ දී දරනස ලද රථ වාහන ආනයන වියදම වන ඩොලර් මිලියන 53.6 හා සැසඳීමේ දී සියයට 15.9 ක ඉහළ යාමකි.

    මේ අතර 2017 වසරේ මුල් මාස 7 තුළ රථවාහන ආනයනය සඳහා රුපියල් මිලියන 432.4 ක වියදමක් ශ්‍රී ලංකාව විසින් දරනු ලැබ ඇති අතර එය 2016 මුල් මාස 7 තුළ දැරූ රථවාහන ආනයන වියදම වන ඩොලර් මිලියන 472.9 ට වඩා සියයට 8.6 ක පහළ යාමකි.