ජෙට්වින් සිම්ෆනි කොටස් නිකුතුවට ලොකු ආයෝජකයෝ දෙදෙනෙක් බැල්ම හෙළති

    December, 26, 2017

    පසුගිය දෙසැම්බර් 14 දින විවෘත වූ ජෙට්වින් සිම්ෆනි ලිමිටඩ් හි මූලික මහජන කොටස් නිකුතුව සඳහා අයදුම්පත් ලැබී තිබුණු ආකාරය නිකුතුවේ රෙජිස්ට්‍රාර්වරුන් වන SSP කෝපරේට් සර්විසස් (පුද්) සමාගම විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී.

    මෙම නිකුතුවේ දී ජෙට්වින් සිම්ෆනි ලිමිටඩ් හි ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 50,790,800 ක් නිකුත් කෙරුණු අතර රු.15/-, රු. 16/-, රු. 17/- හා රු. 18/- යන විවිධ වූ මිල ගණන් යටතේ ඒ සඳහා ඉල්ලුම් කිරීමේ විකල්පයන් මහජනතාව වෙත පිරිනමා තිබුණි.

    ඒ අනුව කොටස් 22,348,000 ක් සඳහා රු. 336,457,900/- ක් වටිනා අයදුම්පත් ලැබී තිබෙන අතර එහිදී අයදුම්කරුවන් 344 දෙනෙකු ඒ සඳහා ඉල්ලුම් කර තිබේ.

    මීට අමතරව කොටස් 28,442,800 ත් වෙනුවෙන් බැංකු ඇපකර හරහා ආයෝජකයින් දෙදෙනෙකු ඉල්ලුම් කර තිබෙන අතර එහිදී රු. 451,751,400/- ක් ජෙට්වින් සිම්ෆනි ලිමිටඩ් හි ආයෝජනය කිරීමට ඔවුන් කැමැත්ත පළ කර තිබිණි.

    මේ අනුව කොටස් 50,790,800 ක් සඳහා රු. 788,209,300/- ක වටිනාකමකින් යුතු අයදුම්පත් 346 ක් ජෙට්වින් සිම්ෆනි ලිමිටඩ් මූලික මහජන කොටස් නිකුතුව සඳහා ලැබී ඇත.