ජේම්ස් පැකර් ගුටි කෙළියේ ඡායාරූප මෙන්න- Photos

    May, 5, 2014

    සුප්‍රකට ඕස්ට්‍රේලියානු ව්‍යාපාරික ජේම්ස් පැකර් සහ නයින් නෙට්වර්ක්ස් ජාලයේ ප්‍රධාන විධායක නිළධාරීවරයා මහ පාරේ ගුටි ඇන ගන්නා ආකාරය දැක්වෙන ඡායාරූප ඕස්ට්‍රේලියානු මාධ්‍ය විසින් අන්තර් ජාලයට මුදාහැර තිබේ.

    ජේම්ස් පැකර්ගේ දීර්ඝ කාලීන මිතුරෙකු වන නයින් නෙට්වර්ක්ස් ජාලයේ ප්‍රධාන විධායක නිළධාරී ඩේවිඩ් ගයින්ජෙල් සමග ඔහු ඉරිදා පස්වරුවේ මහ පාරේ ගුටි ඇනගත් බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.

    මෙම ගුටි බැට හුවමාරුව පිළිබඳව ඇසින් දුටු අය පවසා තිබෙන්නේ පිස්සු බල්ලන් දෙදෙනෙකු ලෙස මෙම කෝටිපතියන් දෙදෙනා මහ පාරේ පොරකෑ බවයි.

    මෙම ප්‍රහාරයට හේතුවී තිබෙන්නේ තම නිවස ඉදිරිපිට නයින් නෙට්වර්ක්ස් හි, ප්‍රවෘත්ති කණ්ඩායමක් සජීවි විකාශ රථයක රැඳී සිටිනවා යැයි ජේම්ස් පැකර් විසින් වරදවා වටහා ගැනීම බව සඳහන්ය.

    මේ අතර, නයින් නෙට්වර්ක්ස් ප්‍රධානියා ජේම්ස් පැකර්ගේ නිවස ආසන්නයට කැමරා ශිල්පියෙකු පිළිබඳව සොයා බැලීම සඳහා ගොස් තිබෙන බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි. පසුව එම ස්ථානයට පැමිණි පැකර් හා නයින් නෙට්වර්ක්ස් ප්‍රධානියා ගැටුමට පැටලී තිබේ.

    ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ගැටුමට ගෑණු හුට පටයක්ද ගෑවී තිබෙන බවත් ගැටුම කොතරම් දරුණු එකක්ද යත් දත් පවා බිමට හැලුණු බවයි.

    කෙසේවෙතත්, මොවුන් දෙදෙනාම ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ දෙදෙනාම තවමත් මිතුරන් බවයි.

    020304