ජෝර්ජ් ස්ටුවර්ට් ෆිනෑන්ස් ප්‍රධාන විධායක ධූරය වෙනස් වේ

    February, 18, 2014

    ජෝර්ජ් ස්ටුවර්ට් ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක ධූරය සඳහා සමාගමේ හිටපු විධායක අධ්‍යක්ෂ, ඩබ්ලිව්. ජී.යූ.අයි. රණවීර මහතා පත්කර තිබේ.

    මේ බව සමාගම විසින් කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන අතර මෙම පත්කිරීම ජනවාරි 28 වනදා සිට බලපැවැත්වේ.

    මේ අතර, සමාගම සඳහන් කරන්නේ සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස අජිත් පෙරේරා මහතා පත්කර තිබෙන බවත් ඔහු මල්ටි ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායකවරයා ලෙසත් KLF Agro Extracts Ltd සමාගමේ මෙරට කළමනාකරු ලෙසත් කටයුතු කර තිබෙන බවයි.