ටච්වුඩ් නඩුවේ තීන්දුව ලබාදීම යළි කල්යයි

    May, 21, 2014

    වන වගා ව්‍යාපෘති සිදුකරන ටච්වුඩ් සමාගම විසින් ආයෝජකයින්ට බලාපොරොත්තු ප්‍රතිලාභ නොගෙවූ බවටත් ලබාදී තිබෙන සමහර චෙක්පත් අගරු වූ බවටත් චෝදනා කරමින් සමාගම වසා දමන ලෙස ආයෝජකයින් පිරිසක් ගොනු කළ නඩුවේ අවසාන තීන්දුව ලබාදීම යළිත් කල් ගොස් තිබේ.

    කොළඹ, අංක 03 වාණිජ මහාධිකරණය විසින් මෙම නඩුව අද කැඳවූ අතර එහි අවසන් තීන්දුව ලබාදීම ජුනි මස 05 වනදාට කල්දමා ඇත.