ටර්කිමිනිස්තානය සමඟ මිත්‍රත්වය වැඩිදියුණු කිරීමට පියවර

    January, 18, 2018

    ශ්‍රී ලංකාව සහ ටර්කිමිනිස්තානය අතර මිත්‍රශීලි සබඳතා වැඩිදියුණු කරගැනීමේ අරමුණින්, රාජ්‍යතාන්ත්‍රික හා රාජකාරි විදේශ ගමන් බලපත්‍ර හිමි දෙරටේ පුරවැසියන් දෙරට අතර සංචාරය කිරීමේදී වීසා අවසරපත්‍ර ලබාගැනීමේ අවශ්‍යතාවෙන් නිදහස් කිරීම සඳහා ගිවිසුමක් ඇති කරගැනීම පිණිස අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.