ටෙලිකොම්, දේපොළ සංවර්ධනයට දෙස් විදෙස් ආයෝජකයින් හොයයි

    May, 8, 2014

    ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සතුව දිවයින පුරා තිබෙන දේපොළ ඒකාබද්ධව සංර්ධනය කිරීම සඳහා දෙස් විදෙස් ආයෝජකයින් සොයමින් සිටින බව සමාගම පවසා තිබේ.

    මේ අනුව, මෙම දේපොළ සම්බන්ධ කර ගනිමින් ව්‍යාපාරික වශයෙන් සාර්ථක ඒකාබද්ධ ව්‍යාපෘති සිදුකිරීමට සමාගම අදහස් කර තිබෙන අතර සමාගම පවසා තිබෙන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් සතුව තිබෙන දේපොළ කළඹ ආර්ථික හා වෙළඳ පොළ වටිනාකම අනුව ඉහළ අගයක් ගන්නා බවයි.

    දේපොළ සම්බන්ධ කටයුතු කිරීම සඳහා ටෙලිකොම් සමාගම විසින් SLT Property Management (Pvt) Ltd නැමති සමාගම පිහිටුවා තිබේ.