ටෝකියෝවල භාණ්ඩ මිල වසර 22 කට පසු ඉහළම අගයේ

    April, 27, 2014

    වසර 22 කට පසුව වාර්තා වන ඉහළම භාණ්ඩ හා සේවා මිල මේ අප්‍රේල් මාසයේදී ටෝකියෝ නගරයෙන් වාර්තා වන බවත් අප්‍රේල් මාසයේ නගරයේ උද්ධමනය ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 2.7 කින් ඉහළ ගොස් තිබෙන බවත් වාර්තා වේ.

    මෙම දත්ත නිකුත් කර තිබෙන්නේ ජපානය විසින් පසුගියදා විකුණුම් බද්ධ සියයට 05 ක සිට සියයට 08 ක් දක්වා ඉහළ දැමීමෙන් පසුව වන අතර ඉන් පසුව එරට භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ ගොස් ඇත.

    ආර්ථික විශ්ලේෂකයින් පුරෝකතනය කර තිබෙන්නේ ටෝකියෝ නගරයේ උද්ධමනය එරට ආර්ථිකය පිළිබඳව හොඳ මිණුම් දණ්ඩක් බවත් ඉදිරියේදී රටේම උද්ධමනය වැඩිවනු ඇති බවයි.