March, 17, 2026
ලෝක ප්‍රකට සංඛ්‍යාන ගණිතඥයෙකු සහ ඩක්වර්ත්-ලුවිස්-ස්ටර්න් (DLS) ක්රමයේ වත්මන් භාරකරු වන මහාචාර්ය ස්ටීවන් ස්ටර්න්, කොළඹ BMICH හි පැවති විශේෂ සම්මන්ත්‍රණයකට පසුගිය දා සම්බන්ධ විය. Sirus Migration and Education ආයතනය Bond විශ්වවිද්‍යාලය සමඟ එක්ව සංවිධාන කළ මෙම සම්මන්ත්‍රණය සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල සිසුන්, ක්‍රීඩා ලෝලීන්, ශාස්ත්‍රඥයන් සහ වෘත්තිකයන් රැසක් සහභාගී වී සිටියහ. නූතන ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත්ම සාකච්ඡාවට ලක් වූ න්‍යායක් පිටුපස ඇති විද්‍යාව ගවේෂණය කිරීමේ අරමුණ ඇතිව සංවිධාන කෙරුණු මෙම වැඩසටහන, ක්‍රිකට් සහ අධ්‍යාපන ක්ෂේත්රයේ පිරිස් එකට සම්බන්ධ කළ දැනුම බෙදාගැනීමේ අපූරු අත්දැකීමක් ද විය.
BMICH හි පැවති මෙම සම්මන්ත්‍රණයේදී, මහාචාර්ය ස්ටර්න්, DLS ක්‍රමය පිටුපස ඇති මූලධර්ම සහ සීමිත ඕවර ක්‍රිකට් ක්‍රීඩාවේදී මෙම ක්රමයේ ඇති ගෝලීය වැදගත්කම පිළිබඳ පැමිණි පිරිසට මූලික අවබෝධයක් ලබා දුන්නේය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පරිපාලනය කරනු ලබන මෙම ක්‍රමය, විශේෂයෙන්ම වර්ෂාව නිසා බලපෑමට ලක් වූ තරගවලදී ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු සංඛ්‍යාව තීරණය කිරීම සඳහා ලොව පුරා භාවිතා වන අතර, එය නූතන ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත්ම අවධානය යොමු වූ අංගයන්ගෙන් එකක් ලෙස ද සඳහන් වේ.
ක්‍රිකට් ආකෘති නිර්මාණයේදී ගණිතමය පදනම් යොදා ගැනීම ඔහුගේ ඉදිරිපත් කිරීම මගින් පෙන්වා දුන් අතර, සාධාරණ අයුරින් වර්ෂා-නීති ගණනය කිරීමේ න්‍යාය සංවර්ධනය කිරීම සඳහා ගණිත ක්‍රම යොදන ආකාරය ද එතුමා පැහැදිලි කළේය. මහාචාර්ය ස්ටර්න්, DLS ක්‍රමය පිළිබඳ දීර්ඝ යෙදුම්, බාධාවලදී කණ්ඩායමක පවතින සම්පත් මැනීමට භාවිතා කරන අමතර තර්ක සහ ක්‍රීඩා තරගයක සංකීර්ණ අවස්ථාවලදී සංඛ්‍යානමය ආකෘතිවලට ඇති කළ හැකි අනපේක්ෂිත ප්‍රතිඵල කිහිපයක් ද සාකච්ඡා කළේය.
කාලගුණය වැනි බාධා හේතුවෙන් ඕවර ගණන අඩු වූ විට, දෙවනුව පන්දුවට පහර දෙන කණ්ඩායම සඳහා සාධාරණ ඉලක්ක ලකුණු ප්‍රමාණයක් ගණනය කර ඉදිරිපත් කිරීම DLS ක්‍රමවේදයෙන් සිදු වේ. ඉතිරි ඕවර සහ ඉතිරි කඩුලු ගණන මත පදනම්ව, පිතිකරණ කණ්ඩායමකට ඇති 'සම්පත්' මෙම ක්‍රමය මගින් ප්‍රමාණනය කරයි. ඉන්පසු එය මෙම සම්පත්වලට සාපේක්ෂව ලකුණු ඉලක්කයක් සකස් කරනු ලැබේ. එවිට ක්‍රීඩා කාලය අහිමි වුවද කණ්ඩායම් දෙකටම ජයග්‍රහණය කිරීම සඳහා සාධාරණ අවස්ථාවක් හිමි වේ.
ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඔබ්බට ගිය කරුණු රැසක් පිළිබඳව ද මෙම සම්මන්ත්‍රණයේ දී අදහස් පළ විය. දත්ත මත පදනම් වූ තීරණ ගැනීමේ සංකීර්ණ ලෝක අවශ්‍යතාවන් ද මෙහිදී සාකච්ඡාවට ගැනුණු අතර, ගෝලීය කර්මාන්ත සහ වෘත්තීන් හරහා, විශ්ලේෂණ, ආයුගණක විද්‍යාව සහ දත්ත විද්‍යාව වැනි ක්ෂේත්රවල සංඛ්‍යානමය කුසලතා වැඩි වැඩියෙන් අගය කරනු ලබන ආකාරය පිළිබඳව ද මහාචාර්ය ස්ටර්න් අදහස් දැක්වීය.
"ගණිතය සහ විශ්ලේෂණ මගින් ගෝලීය වෘත්තීය මාර්ග සඳහා දොරටු විවර කළ හැකි ආකාරය පෙන්වා දීමයි අපගේ අරමුණ වුණේ. මහාචාර්ය ස්ටර්න්ට ශ්‍රී ලංකාවේ සංචාරයකට ආරාධනා කිරීමෙන්, ජාත්‍යන්තර අධ්‍යයන සහයෝගීතාවන් ශක්තිමත් කිරීමට වගේම, විශ්ලේෂණාත්මක චින්තනය පිළිබඳ ජාත්‍යන්තර ලෝකයේ ඇති සැබෑ බලය පෙන්වා දෙමින් සිසුන් සහ වෘත්තිකයන් තුළ මේ විෂය පිළිබඳ පෙළඹවීමක් ඇති කිරීමටත් අපට අවශ්‍ය වුණා." යනුවෙන් Sirus Migration නියෝජිතයෙකු මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් පැවසීය.
ජාතික අධ්‍යයන මාලාවක් වැනි වූ මෙවැනි මුලපිරීම් හරහා, Sirus Migration, සංක්‍රමණ සහ අධ්‍යාපන උපදේශන ආයතනයකට වඩා වැඩි යමක් ලෙස ක්ෂේත්රයේ ස්ථානගත වී සිටී. ගෝලීය විශේෂඥයින් සහ ආයතන සමඟ අර්ථවත් සම්බන්ධතාවන් ඇති කර ගැනීම සඳහා පහසුකම් සැලසීමෙන්, ශ්‍රී ලාංකික සිසුන් සඳහා දැනුම හුවමාරුව, වෘත්තීය සංවර්ධනය සහ ජාත්‍යන්තර අධ්‍යාපන අවස්ථා සඳහා සහාය වීම Sirus ආයතනයේ ඒකායන අරමුණයි.




Video Story