March, 17, 2026
අනුමත වාර්ෂික තීරු බදු හිමිකම ඇමෙරිකානු ඩොලර් 2,000ක සීමාව සංශෝධනය කිරීමකින් තොරව කොළඹ වරාය නගරයේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයෙන් භාණ්ඩ මිල දී ගැනීම සඳහා විදේශයක සිට මෙරටට පැමිණෙන මගියෙකුට මෙරටට පැමිණි දින සිට දින 4ක් තුළ අවස්ථා දෙකකදී ඉඩ සලසා දීමට හැකිවන පරිදි අදාළ නියෝග සංශෝධනය කිරීම පිණිස 2025-12-22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී.
ඒ අනුව, අංක 2475/28 හා 2026-02-13 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති සංශෝධිත නියෝග, 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ විධිවිධාන පරිදි පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story