ඩයලොග් – ඇන්තනීස් එකතුවෙන් ඔරියන් නගරයට දත්ත මධ්‍යස්ථානයක්

    March, 20, 2018

    ඩයලොග් ආසියාටා පීඑල්සී හී පූර්ණ අනුබද්ධිත සමාගමක් වන Dialog Broadband Networks (Pvt) Ltd හා St. Anthony’s Property Developers (Pvt) Ltd එක්ව කොළඹ 09, Orion City Park තාක්ෂණික උද්‍යාන පුරවරයේ දත්ත මධ්‍යස්ථානයක් (Data Centre) ස්ථාපිත කිරීමට හා පවත්වාගෙන යාමට සහයෝගීතා ගිවිසුමකට එළඹි බව නිවේදනය කර සිටී.

    මේ සඳහා අදාළ කොටස් හිමිකාරීත්ව ගිවිසුම සඳහා පසුගිය මාර්තු 16 වන දින දෙපාර්ශවය විසින් අත්සන් තබා තිබේ.

    මෙය රුපියල් මිලියන 262.5 ක ආයෝජනයකින් යුතු ව්‍යාපෘතියකි.

    මෙම ව්‍යාපෘතිය Digital Reality (Pvt) Ltd නමින් ස්ථාපිත කරන ලද සමාගම යටතේ ක්‍රියාත්මක වේ.

    මෙහි 35% ක කොටස් හිමිකාරීත්වය Dialog Broadband Networks (Pvt) Ltd සතු වන අතර 65% ක කොටස් හිමිකාරීත්වය St. Anthony’s Property Developers (Pvt) Ltd සමාගම සතු වනු ඇත.