ඩයලොග් ටෙලිවිෂන් ශ්‍රී ලාංකේය දූ දරුවන් වෙනුවෙන් නැණස අධ්‍යාපන නාලිකා 8කට සවිබලය සපයයි

    May, 25, 2022

    දැනුමෙන් පිරිපුන් අනාගත පරපුරක් වෙනුවෙන් නිරන්තරයෙන් කැපවන ඩයලොග් සිය ඩයලොග් ටෙලිවිෂන් ජාලය හරහා නැණස අධ්යාපන නාලිකා 8ක් නොමිලේ නැරඹීමේ අවස්ථාව උදා කර දී ඇත.

    විශේෂයෙන් සියලු වයස් කාණ්ඩයන්හි සිසු සිසුවියන් වෙත ඔවුන්ගේ අධ්යයන වර්ෂ සඳහා සූදානම් වීම වෙනුවෙන් අවශ්ය සහයෝගය ලබා දීම එම නැණස නාලිකා 8හි අරමුණයි. ඒ සඳහා එම නාලිකාවන්හි අධ්යාපන වැඩසටහන් මෙහෙයවීම වෙනුවෙන් මෙරට හොඳම අධ්යාපනඥයින්ගේ සහයෝගය ලබා ගැනීමට කටයුතු කර ඇති ඩයලොග් ටෙලිවිෂන් ඔවුන් සමඟ එක් වෙමින් නව්ය ඉගැන්වීම් ක්රම තුළින් සියලු විෂය මාලා ආවරණය කිරීමටද කටයුතු යොදා තිබීම විශේෂත්වයකි.

    ඩයලොග් ටෙලිවිෂන් පෙර ගෙවුම් හා පසු ගෙවුම් යන පහසුකම් දෙක තුළින්ම නැරඹිය හැකි මෙම නැණස නාලිකාවන්හි සියලු අධ්යාපන වැඩසටහන් ජාතික විෂය මාලාවට අනුව පැවැත්වෙන අතර, අධ්යාපන ප්රතිසංස්කරණ, විවෘත විශ්ව විද්යාල සහ දුරස්ථ ඉගෙනුම් ප්රවර්ධන රාජ්ය අමාත්යාංශය සහ ජාතික අධ්යාපන ආයතනය විසින් ගොඩනගන ලද අධ්යාපනික අන්තර්ගතයන් විකාශනය කිරීමට නියමිතය. එම සියලු අන්තර්ගතයන් පාසල් අධ්යාපනයේ 1 වසර සිට 13 වසර දක්වා වන විෂය මාලාවන් ආවරණය කරන ආකාරයෙන් සකසා තිබීම ඔවුන්ගේ පාසල් අධ්යාපනයට ඉමහත් සවියක් වනු ඇත.

    එහිදී  1 - 5 වසර නැණස සිංහල (නාලිකා 122), 1 - 5 වසර දෙමළ (නාලිකා 123), 6 - 9 වසර නැණස සිංහල (නාලිකා 124), 6 - 9 වසර නැණස දෙමළ (නාලිකා 125), සාමාන්ය පෙළ නැණස සිංහල (නාලිකා 126), සාමාන්ය පෙළ නැණස දෙමළ (නාලිකා 127), උසස් පෙළ නැණස සිංහල (නාලිකා 128) සහ උසස් පෙළ නැණස දෙමළ (නාලිකා 129) වෙත පිවිසිය හැකි අතර ඒ සියලු නාලිකා නොමිලේ නැරඹීමේ හැකියාවද උදා කර දී තිබේ.

     තවද මේ සියලු අධ්යාපන වැඩසටහන් සති අන්තයේදී නැවත විකාශය කිරීමටද කටයුතු යොදා ඇති ඩයලොග් ටෙලිවිෂන් පාසල් දරුවන්ට තමන්ට මඟ හැරුණ වැඩසටහන් නැරඹීමේ අවස්ථාවද ඒ තුළින් උදා කර දී තිබීම තවත් පහසුවක් ලෙස සඳහන් කළ හැකියි.

     www.dialog.lk/television-channels වෙත පිවිසීමෙන් මේ සියලු වැඩසටහන් විස්තර පිළිබඳ දැන ගැනීමට හැකි අතර කිසිඳු ගාස්තුවකින් තොරව නොමිලේ පිවිසිය හැකි ඩයලොග් ViU App හරහා මඟ හැරුණු වැඩසටහන් නැරඹීමේ අවස්ථාව දෙමව්පියන්ට හා දරුවන්ට උදා වේ. ViU App යෙදුම තුළින් රූපවාහිනී නාලිකා පැය දෙකක කාලයක් දක්වා රිවයින්ඩ් කර නැරඹීමට මෙන්ම පසුගිය දින 3ක මඟ හැරුණු වැඩසටහන් නැරඹීමේ හැකියාවද උදා වේ.

     ඩයලොග් ටෙලිවිෂන් නැණස අධ්යාපන නාලිකා 8ක් සඳහා අවස්ථාව සළසාදීම මෙරට දූ දරුවන්ගේ අධ්යාපනය සවියක් වීමට යොමු වීම ඉතා කාලෝචිත කරුණක් වන අතර, මෙයින් දරුවන් හට සිය අනාගතය සාර්ථක කර ගැනීමට අවස්ථාව නිර්මාණය වීම සුවිශේෂ කරුණකි. එමෙන්ම මේ වෙනුවෙන් වන දෙමව්පියන්ගේ මඟ පෙන්වීමටද ඊට සුවිසල් සවියක් වනු නොඅනුමානය.