ඩයලොග් මුල් පුටුව හාන්ස්ගෙන් සුපුන්ට

    January, 2, 2017

    ඩයලොග් ආසියාටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක ධූරය සඳහා සුපුන් වීරසිංහ, 2017 ජනවාරි 01 වැනි දින සිට පත්වීම් ලැබ තිබේ. ඒ සමූහයේ ප්‍රධාන විධායකවරයා වූ ආචාර්ය හාන්ස් විජයසූරිය එම තනතුරට සමුදීමත් සමඟිනි.

    මේ අතර ඩයලොග් ආසියාටා සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසින් ආචාර්ය හාන්ස් විජයසූරිය තවදුරටත් කටයුතු කරන අතර දකුණු ආසියානු කලාපීය ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙසින් සමූහයේ ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්තානය, නේපාලය හා ශ්‍රී ලංකාව යන රටවල ආයෝජන තීන්දු තීරණ සම්බන්ධයෙන් මූලිකත්වය ගෙන කටයුතු කරනු ඇත.