ඩයලොග් රෝහල් 20 කට වීඩියෝ තාක්ෂණයෙන් යුත් Tele Medicine උපකරණ පරිත්‍යාග කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය බලගන්වයි

    April, 10, 2020

    මෑත ඉතිහාසයේ අසීරු අවස්ථාවකට අප සැම මුහුණදෙමින් සිටින තත්වයක් තුළ Covid -19 වෛරසයට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන යන සටනට සහායවෙමින්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම දිවයිනේ රෝහල් 20 කට කඩිනමින් අවශ්‍ය කර තිබෙන Tele Medicine උපකරණ සහ විසඳුම් සැපයීමට පියවර ගෙන ඇත. WiFi රවුටර, ජංගම දුරකතන, ස්ථාවර දුරකතන සහ වෛරසය ආසාදනයවීම අවම කිරීමට උපකාරී වන දුරස්ථව රෝගීන් අධීක්ෂණය කළ හැකි විශේෂ කැමරා පද්ධතියක් පරිත්‍යාග කෙරුණු උපකරණ අතරට අයත් වේ.