ඩයලොග් සමාගම WhatsApp හරහා පාරිභෝගික සේවා සපයන ප‍්‍රථම සන්නිවේදන සම්පාදකයා බවට පත්වෙයි

    February, 17, 2020

    තම සියළුම නිෂ්පාදන හා සේවා පිළිබඳ පාරිභෝගිකයන්ට විමසුම් පැය 24 පුරා ඕනෑම දිනක යොමුකිරීමට WhatsApp හරහා විශේෂ පාරිභෝගික සේවාවක්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරු වන ඩයලොග් ආසියාටා පීඑල්සී හඳුන්වාදෙයි. මෙම සේවාව ප‍්‍රථමයෙන් ඩයලොග් Club Vision සාමාජිකයින් සඳහා සපයනු ලබන අතර, දෙවන පියවර ලෙස සියලූම ඩයලොග් පාරිභෝගිකයින් සඳහා විවෘත කරනු ලැබේ.

    නවමු තාක්ෂණය දේශයට දායාද කරමින්, පාරිභෝගික සේවාවන්හි ගුණාත්මකභාවය වැඩි දියුණු කරමින් ‘අනාගතය අදයි’ යන දැක්මෙන් යුතු තාක්ෂණික පුරෝගාමියා වන ඩයලොග් සමාගම මෙලෙස ඉදිරි පියවරක් තබනු ලබයි. මෙය පාරිභෝගිකයන්ට ගැටළු නිරාකරණය කරගැනීමට සහ සේවාවන් පිළිබඳ තොරතුරු ලබාදීමට වේගවත් මාධ්‍යයක් වනු ඇත. ඩයලොග් Club Vision පාරිභෝගිකයන්ට දැන් ඩයලොග් WhatsApp සේවාව හරහා පාරිභෝගික සේවා නියෝජිතයෙකු සමඟ සම්බන්ධ වෙමින් සබඳතා තත්ත්වය, ගිණුම් ශේෂය, පැකේජ වෙනස් කිරීම, e-Bill සේවාවන් සහ තවත් බොහෝ සේවාවන් පිළිබඳව විමසීම් කළ හැකි අතර, ඔවුන්ට ක්ෂණිකව සේවාවන් පිළිබඳව ප‍්‍රතිචාර දැක්වීමට ද මේ හරහා හැකියාව ලැබේ.