ඩයලොග් CTF මිල දී ගත්තේ මෙහෙමයි. ඉතිරි කොටස් ගන්නත් සැලසුමක්

    September, 12, 2017

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සේවා සැපයුම් සමාගමක් වන ඩයලොග් ආසියාටා පීඑල්සී විසින් Colombo Trust Finance PLC (CTF) හි 80.34% ක කොටස් අයිතිය මිල දී ගත් බව නිවේදනය කර සිටී. කාගිල්ස් බැංකු සමාගම සතුව පැවති මෙම කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීම සඳහා ඩයලොග් විසින් කොටසකට රු. 28.70 බැගින් ගෙවා තිබුණි.

    Colombo Trust Finance PLC යනු 2011 අංක 42 දරන ව්‍යාපාර මූල්‍ය පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී මූල්‍ය සමාගමකි.

    අද (12) දින සිදු වූ මෙම ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 1,072 කි.

    ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සමාගම් අත්පත් කර ගැනීමේ හා ඒකාබද්ධ කිරීමේ නියමයන්ට අනුව Colombo Trust Finance PLC හි ඉතිරි කොටස් මිල දී ගැනීම සඳහා ඩයලොග් සමාගම ඉදිරියේ දී අනිවාර්ය අර්පණයක් (Mandatory Offer) සිදුකිරීමට නියමිත බව ද වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.