ඩිජිටල් ගෙවුම්වල විප්ලවීය පිබිදීමක් : DFCC බැංකුව Vardhana Virtual Wallet දියත්කරයි

    June, 19, 2016

    ගණුදෙනු වඩා පහසු කරවීම සඳහා DFCC බැංකුව විසින් හඳුන්වාදෙන ලද නවතම ජංගම විසඳුම වන Vardhana Virtual Wallet හි ක‍්‍රියාකාරීත්වය නොබෝදා නිරූපණය කරනු ලැබීය. මෙම ජංගම යෙදවුම (mobile app) තවත් මුල්‍යමය සවිගැන්වීමක් වශයෙන් DFCC බැංකුව විසින් එළිදක්වනු ලැබුවේ මෙරට බැංකු ක්ෂේත‍්‍රයේ පළමුවරටය. මෙහි නිරූපණ අවස්ථාවට එක්වූ DFCC ගණුදෙනුකරුවන්, අලෙවිකරුවන් සහ මාධ්‍යවේදීන් Vardhana Virtual Wallet හි ඇති විවිධ හැකියා සහ එය භාවිතයෙන් ලැබිය හැකි වාසි පිළිබඳ අවබෝධයක් ලැබිය හැකි විය.

    විශ්වාසදායී යෙදවුමක් : මෙම අති නවීන ජංගම යෙදවුමි භාවිතකරන්නන් හට ඔවුන්ගේ සාප්පු සවාරි අත්දැකීම් සරල කරන අතරම සිය මුල්‍ය තත්ත්වය පාලනය කරගැනීම පහසුකරවයි. සිනැප්සිස් (Synapsys) විසින් නිර්මාණය කරනු ලැබූ Vardhana Virtual Wallet හි පූර්ණ හිමිකාරීත්වය DFCC බැංකුව PLC සතුය. SSL විසින් සමස්ත පද්ධතියම සුරක්ෂිත කරනු ලැබ ඇති අතර මිලදීගැනීම් කළ හැක්කේ ගණුදෙනුකිරීමේ රහස් අංකයක් (PIN) යෙදීමෙන් පමණි. මීට අමතරව අක‍්‍රියව පවතින යම් කාලයක් තුළදී ස්වයංක‍්‍රීයව logout වන අතර සමගාමී login වීම අක‍්‍රිය කරවයි.

    ප‍්‍රශස්ත පහසුව : ඩිජිටල් ගෙවුම්වල මෙම විප්ලවීය අංගය භාවිතකරන්නන් හට කරදරයකින් තොරව සිය මුදල් කළමනාකරණය පහසු කරවන අතර ගෙවීම් සඳහා යොදාගන්නා වෙනත් දෑ රැුගෙන යාමේ අවශ්‍යතාව බැහැර කරයි. Virtual Wallet භාවිතකරන්නන් හට ඒතුළ සිය මුදල් පවත්වාගෙන යා හැකි අතර බොත්තමක් එබූ සැණින් එදිනෙදා ගණුදෙනු ඉටුකරගැනීමේ පහසුව සැලසේ.

    පුද්ගලික wallet හිමියන්ට සැලසෙන සේවා : භාණ්ඩ හා සේවා මිලදීගැනීම, බිල් ගෙවීම හෝ අනෙකුත් Vardhana Virtual Wallet භාවිත කරන්නන් වෙත මුදල් මාරු කිරීම සඳහා ද Vardhana Virtual Wallet උපයෝගී කරගත හැකිය. Vardhana Virtual Wallet භාවිතකරන්නන්ගේ බැංකු ගිණුම් එම යෙදවුමට සම්බන්ධ කර ඇති බැවින් සිය මුල්‍ය තත්ත්ව කළමනාකරණය සහ සංවිධානය කරගැනීම ඔවුන්ට පහසු කරවයි. ඕනෑම අවස්ථාවක, ඕනෑම තැනක සිට සිය ශේෂය පරීක්ෂාකිරීමේ හැකියාව ලබාදෙන අතර මුල්‍ය නිදහස සහ නම්‍යශීලීබවේ අලූත් අවස්ථා විඳගත හැකිවේ.

    අලෙවිකරුවන්ට ලැබෙන වාසි : සියලූ ව්‍යාපාරයන්හි යෙදෙන අලෙවිකරුවන් හට සිය භාණ්ඩ හා සේවා වෙනුවෙන් ඉලෙක්ට්‍රොනිකමය වශයෙන් කෙරෙන ගෙවීම් ලබාගැනීමේ පහසුව සළස Vardhana Virtual Wallet වෙතින් වාසි අත්කරගත හැකිය. ඔවුන්ගේ ව්‍යාපාර ක‍්‍රියාකාරීත්වයේ ප‍්‍රමාණය නොසළකා, මෙම ජංගම ගෙවීම් ක‍්‍රමය පිළිගැනීමේ වාසි රුසක් හිමිකරගැනීමේ අවස්ථාව ලැබේ. මෙහි මුල් ම වාසිය වන්නේ වෙනත් ගෙවුම් ක‍්‍රමයක් භාවිතයේදී ඇති ඉහළ ගණුදෙනු පිරිවැය නිසා දැරීමට සිදුවන මෙහෙයුම් පිරිවැය අඩුකිරීමය. මීටත් වැඩියෙන්, තවදුරටත් සිය වෙළෙඳනාමයට ලැබෙන පිළිගැන්වීම වැඩිදියුණු කළ හැකිවන පාරිභෝගික කේන්ද‍්‍රීය සාප්පු අත්දැකීමක් නිර්මාණය කිරීමට අලෙවිකරුවන් හට හැකියාව සලසයි.

    ගණුදෙනු සිදුවන පිළිවෙල : Vardhana Virtual Wallet හරහා භාණ්ඩ හා සේවා මිලදීගැනීම පහසුවන අතරම වේගවත්ය. පළමුව, නම්කරන ලද අලෙවිසලක අයකැමි විසින් අදාළ ගණුදෙනුව ඇරඹීම සඳහා Vardhana Virtual Wallet භාවිතකරන්නාගේ ජංගම දුරකතන අංකය විමසනු ඇත. එහිදී ගණුදෙනුව සහතික කිරීම සඳහා එක්වරක් පමණක් භාවිත කළ හැකි රහස් අංකයක් (PIN) භාවිතකරන්නා වෙත ලැබෙන අතර එය අයකැමි වෙත දැන්විය යුතුවේ. එවිට එසැණින් ම ගණුදෙනුවට අදාළ ගෙවීම සහ කොමිස් මුදල අලෙවිකරු වෙත ලැබේ.

    ලියාපදිංචි වියයුතු ආකාරය : පුද්ගලික Vardhana Virtual Wallet යෙදවුමට ලියාපදිංචි වීම සඳහා අයදුම්කරුවන් මුලින් ම කළ යුතුවන්නේ DFCC බැංකුවේ පුද්ගලික ගිණුමක් විවෘත කර නිසි ලෙස සම්පූර්ණ කරන ලද Vardhana Wallet පෝරමය ඉදිරිපත් කිරීමය. ඉන් අනතුරුව Apple ජංගම සන්නිවේදන උපකරණ භාවිතකරන්නන් හට Apple Store වෙතින් ද, Android ජංගම සන්නිවේදන උපකරණ භාවිතකරන්නන් හට Play Store වෙතින් ද මෙම ජංගම යෙදවුම බාගත කරගැනීමට හැකිය. Vardhana Virtual Wallet ක‍්‍රියාත්මක කරවීමෙන් අනතුරුව තමන්ගේ අනන්‍යතාවට අදාළ කරුණු ඉතා සරලව යෙදවීමෙන් එහි සේවය ඇරඹේ. මෙම සේවය සඳහා ලියාපදිංචි වීමට අවශ්‍ය අලෙවිකරුවන්ට ද මෙම ක‍්‍රියාදාමය ම අනුගමනය කළ හැකිය. මීට අමතරව, තමන් ගණුදෙනු කරන ආකාරය තෝරාගැනීමේ නිදහසද ඔවුන්ට ලැබෙන්නේ, ඔවුන්ට සිය ජංගම දුරකථන, පෞද්ගලික පරිගණක හරහා මෙම යෙදවුම මෙහෙයවිය හැකි බැවින් සහ ඔවුන්ගේ පද්ධතිවලට මෙම යෙදවුම එ්කාබද්ධ කරගැනීමේ හැකියාව ඇති බැවිනි.

    Vardhana Virtual Wallet සඳහා ලියාපදිංචිවීමට අවශ්‍ය පුද්ගලයින් හෝ අලෙවිකරුවන්ට 011 2350000 දුරකරතන අංකයෙන් හෝ customerservice@dfccbank.com විද්‍යුත් තැපෑලෙන් DFCC බැංකුව ඇමතිය හැකිය.