ඩිජිටල් තාක්ෂණයෙන් කාන්තා ප්‍රජාව සවිබලගන්වන්න ජාතික වැඩමුළුවක්

    December, 20, 2019

    මෙරට කාන්තා ප්‍රජාව ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගන්වා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම අරමුණු කරගනිමින් ඒ සදහා වන මුලික ප්‍රතිපත්ති සහ සැළසුම් සකස් කිරීමේ ජාතික වැඩමුළුවක් මෙම මස 21සහ 22 යන දිනයන්හි කොළඹ ට්‍රේස් සිටිහිදී (Trace City) පැවැත්වේ.

    ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් මෙම වැඩසටහන සංවිධානය කරණු ලබන අතර විශේෂයෙන්ම  2025 වසර  වන විට මෙරට කාන්තා ප්‍රජාව තොරතුරු හා  සන්නිවේදන තාක්ෂණය ආශ්‍රිතව ඔවුන්ගේ ජීවන තතත්වය උසස් කළ යුත්තේ කෙසේද යන්න පිළිඔදව ක්‍රියාකාරී සැලැස්මක් කෙටුම් පත් කිරීම මෙහිදී සිදු කෙරේ.

    මෙම අවස්ථාව සදහා සදහා සුහුරුලිය කාන්තා නියෝජිතයින් ප්‍රතිපත්ති සම්පාදකයින් සමාජක්‍රියාකාරීන් සිවිල් සමාජ නියෝජිතයින් පරිපාලන නිලධාරීන් කාන්තා සංවර්ධන නිලධාරීන් ඇතුළු 350 පිරිසක් සහභාගිවීමට නියමිතය.