ඩිස්ටිලරීස් කොටස්කරුවන්ට වෙන දේ මෙන්න

    August, 23, 2016

    ඩිස්ටිලරීස් සමාගමේ කොටස්කරුවන් හට ඒ වෙනුවට මෙල්ස්ටාකෝප් සමාගමේ කොටස් හිමිවන බව නිවේදනය කර සිටී. කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත මේ බව දැනුම් දෙමින් ඩිස්ටිලරීස් සමාගම කියා සිටිනේනේ 2016 සැප්තැම්බර් 30 වනදා වන විට කොටස් හිමිකාරීත්වය දරණ ඩිස්ටිලරීස් කොටස් හිමියෙකු හට එක් කොටසක් වෙනුවෙන් මෙල්ස්ටාකොප් සමාගමේ කොටස් 4 ක් හිමිවන බවයි.

    මේ අනුව ඩිස්ටිලරීස් කොටස් ගනුදෙනු 2016 ඔක්තෝබර් 03 වන දින අත්හිටුවන අතර සමාගමේ මහජන කොටස් පංගුව (Public float) යළි පිහිටුවන තෙක් මෙම පියවර ක්‍රියාත්මක වනු ඇත.

    ඩිස්ටිලරීස් සමාගමේ මව් සමාගම බවට මෙල්ස්ටාකෝප් සමාගම පසුගිය දා පත්වූ අතර ඉන් අනතුරුව මෙම පියවර ගැනීමට සමාගමේ ඉහළ කළමනාකාරීත්වය පියවර ගනු ලැබීය.