ඩීමෝ නව අනන්‍යතාව සහ ඉදිරි සැලසුම්

    August, 6, 2019

    ඩීමෝ සන්නාමය වසරේදී වසර 80 ක දැවැන්ත කඩඉම පසු කරයි. එම දශක අටක කාලය පුරා ඩීමෝ සමාගම විවිධ අංශ ඔස්සේ ශ්‍රී ලාංකේය ජනතාවගේ ජීවන ශෛලීන් වැඩිදියුණු කිරීම සඳහා කටයුතු කර ඇත.

    ඩීමෝ යනු ඉහල ම ජනතා ප්‍රසාදය, විශ්වාසය හිමි රැකියාවේ නිරත වීම සඳහා වඩාත් ආරක්‍ෂිත ආයතනයක් බව සමීක්ෂණ මගින් සනාථ වී ඇත. එම සමාගමේ කාර්යමණ්ඩල සාමාජිකයන් කරුණාව සහ මනුෂ්‍යත්වය පිළිබිඹු කරන බව පාරිභෝගිකයන්ගේ විශ්වාසයයි. ඩීමෝ යනු විශ්වාසය සහ ආචාරධර්ම මත පදනම් වූ සන්නාමයක් ලෙස පාරිභෝගිකයෝ හඳුන්වා දෙති. ඩීමෝ සහ එහි ප්‍රධානජාත්‍යන්තර සන්නාම සමග ඇති සමීප සබඳතාව ජාත්‍යන්තරවශයෙන් පිළිගත් සමාගමක් ලෙස ඩීමෝ සමාගම ඔසවා තබා ඇත.

    කෙසේවෙතත්, විදෙස් සන්නාම සමග ඇති දීර්ඝකාලීන සහ සවිමත් සබඳතාව හේතුවෙන් ඩීමෝ සන්නාමයට වඩා එම ප්‍රමුඛ සන්නාම සඳහා ප්‍රමුඛතාව ලබා දීමට හේතු වී ඇත. මේ නිසා, නව ඩීමෝ අනන්‍යතාව සමගින් එම සමාගම 'සන්නාම නිවසක්' යන සංකල්පයෙන් 'සන්නාමිත නිවසක්' යන සංකල්පයට ගමන් කිරීමට කටයුතු කරයි.

    සිය ආයතනික ක්‍රමෝපායික සැලසුම අනුව යමින්, අනාගත අභියෝග හඳුනා ගනිමින් තරගකාරීත්වය සහ ලාභය අතින් තවදුරටත් වර්ධනය වීම ඩීමෝ සමාගමේ අරමුණයි. නව සන්නාම අනන්‍යතාවක්, නව සන්නාම ආකෘතියක්, නව හර පද්ධතීන් සහ නායකත්වයේ ප්‍රමිතීන් (SOL) හඳුන්වා දීමත් මෙම නව මුහුණුවර තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

    ඩීමෝ සමාගමේ පාර්ශ්වකරුවන් එම සමාගම පිළිබඳ විනිශ්චය කරනුයේ ඔවුන් දකින, අසන සහ ඔවුන්ට අත්දැකීමට ලැබෙන දෑ අනුවය. 2017 වසරේදී සිදු කරන ලද පාර්ශ්වකරුවන්ගේ සන්නාම හැඟීම පිළිබඳ අධ්‍යයනයට අනුව ඩීමෝ සන්නාමය පිළිබඳ ඔවුන්ගේ හැඟීම සහ යතාර්ථය අතර වෙනසක් ඇති බව පෙනී ගියේය.

    කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ පටන් සන්නාම ළෙන්ගතු බව තවදුරටත් සවිබල ගැන්වීමත් අවසානයේදී පාරිභෝගිකයන් සඳහා නවීන සහ ඉදිරිගාමී සන්නාම අත්දැකීමක් හිමිකර දීමත් ඩීමෝ සමාගමේ අරමුණයි.

    ඩීමෝ යනු මෝටර් රථ සමාගමක් ලෙස ආරම්භ වුව ද මේ වන විට ක්ෂේත්‍ර රැසක් ඔස්සේ විවිධාංගිකරණය වූ සමාගමකි. කෘෂිකර්මාන්තයට විශේෂිත වූ ව්‍යාපෘති සහ මාලදිවයින හා මියන්මාරය යන රටවල මෙහෙයුම් කටයුතු ඩීමෝ සමාගම ඇතුළත් වූ නවත ම වෙළඳපොළ වේ.

    ඊට අමතරව, සුළං බල, කොළඹ පුනරුත්ථාපන ඇතුළු යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති රැසක් ද ඩීමෝ සමාගම දියත් කරයි.

    ඩීමෝ සමාගම වසර කිහිපයකට පෙර තමන්ගේ සන්නාමය යටතේ පොහොර හඳුන්වා දෙමින් පළමු වරට කෘෂි යෙදවුම් වෙළඳපොළට පිවිසියේය. පසුගිය වසරේදී Plantseedsසහ Plantchemසමාගම් ද අත්කර ගනිමින් එම සමාගම කෘෂි යෙදවුම් අංශයේ සිය ස්ථානය වඩාත් තහවුරු කර ගැනීමට කටයුතු කළේය. අස්වනු ආරක්ෂණ නිෂ්පාදන, විශේෂිත පොහොර සහ බීජ ආනයනය, පිරිසැකසීම සහ බෙදාහැරීම එම සමාගම්වල මෙහෙයුම් ක්‍රියාවලියයි.

    තවද, බීජ, බෝග සහ දෙමුහුම් බීජ ආදී කෘෂි යෙදවුම්වලට අදාළ මූලික අත්හදා බැලීම් සිදු කිරීම සඳහා ඩීමෝ සමාගම DIMO ATP උසස් තාක්ෂණ කෘෂි මධ්‍යස්ථානය ද ස්ථාපනය කළේය. ශ්‍රී ලාංකේය කෘෂිකර්මාන්තයේ තිරසර සංවර්ධනය සඳහා නවීන තාක්ෂණය හඳුන්වා දීමේ අරමුණින් යුතුව සිය කෘෂි විශේෂිත ව්‍යාපෘති යටතේ එම සමාගම Penergeticවැනි නිෂ්පාදන වෙළඳපොළටහඳුන්වා දී ඇත.

    තවද, ඉදිරියේදී DeWalt, Stanly, Black & Decker, STIHL සහ Axaltaආදී ගෝලීය ප්‍රමුඛ සමාගම් සමග සබඳතා ගොඩනගා ගැනීමට ද එම සමාගම අපේක්ෂා කරයි.

    ශ්‍රී ලංකාවෙන් එපිට වෙළඳපොළ කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් නැගෙනහිර අප්‍රිකාව (නව වෙළඳපොළ) සහ මාලදිවයින හා මියන්මාරය (වත්මන් වෙළඳපොළ) තුළ මෙහෙයුම් කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඩීමෝ සමාගම කටයුතු කරනු ඇත.