ඩීසල් බදු ගැන ලංකා IOC ලොක්කා මෙසේ කියයි VIDEO

    September, 24, 2016

    මෑතක දී ඩීසල් සඳහා තිබූ බද්ද රු. 3 සිට රු. 13 දක්වා වැඩි කිරීමට පෙර ඩීසල් සඳහා වන රේගු බද්ද ද ඉහළ දැමූ බව ලංකා IOC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ශ්‍යාම් බෝරා පවසයි. අද දෙරණ කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු මෙසේ කියා සිටියේය.

    මෙම පසුබිම තුළ ලංකා IOC සමාගම පමණක් නොව තෙල් සංස්ථාවද බලපෑමකට ලක්ව තිබෙන බවත් මේ බව මුදල් අමාත්‍යවරයා සහ පෙට්‍රොලියම් අමාත්‍යවරයා වෙත දන්වා යවා තිබෙන බව පැවසූ ලංකා IOC කළමනාකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේ, බදු වැඩි කළ ද ඩීසල් මිල ඉහළ දැමීමට මෙතෙක් පියවර ගෙන නොමැති බවයි.

    එසේම වත්මන් ලිහිසි තෙල් වෙළෙඳපොළ සහ ලංකා IOC සමාගමේ ඉදිරි කටයුතු පිළිබඳව ද ඔහු මෙහිදී කරුණු ඉදිරිපත් කරන ලදී.

    ලංකා IOC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ශ්‍යාම් බෝරා මහතා අද දෙරණ වෙත දැක්වූ සම්පූර්ණ අදහස් පහතින් නැරඹිය හැකිය.

    https://www.youtube.com/watch?v=rNgeoSfzZ6Q&feature=youtu.be